ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.
ලුණු හිඟවීමේ අවදානමක් පවතින බැවින් මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ලුණු හිඟයක් ඇතිවීමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය බව ලුණු සමාගම් සඳහන් කරනවා.
වැස්සෙන් හා ජල ගැල්මෙන් දේශීය ලුණු නිෂ්පාදනය හරි අඩකින් පමණ අඩු වූ බව එම සමාගම්වලින් කළ විමසුමකදී හෙළි විය.
අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම, හම්බන්තොට හා පුත්තලම ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බව ත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බව ත් දැනගන්නට තිබේ.
පසුගිය වසර දෙකක පමණ කාලයක් තුළ සිදුවූ හානි පූර්ණ කරගනිමින් වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති නොවීමට කටයුතු කළත් පසුගිය දා ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ හානිය වැඩි වීම නිසා හිඟය පියවා ගැනීමට ලුණු යම් කිසි ප්‍රමාණයක් ඉදිරියේදී ආනයනය කිරීමට සිදුවන බවද සමාගම් ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ වෙතත් පරිභෝජනය හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය ලුණුවල හිඟයක් ඇති නොවීමට කටයුතු කරගෙන යන බව ද ලුණු සමාගම් සදහන් කළා.