ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී ඇති බවයි පානදුර උතුර පොලීසිය සදහන් කළේ.
පහරදීමේන් තුවාල ලැබූ ඔහු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුවන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සීසීටීවී දර්ශන අධීක්ෂනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය සදහන් කළා.