බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අධිඅරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කෙරුණා.
ඒ පොලිසිය විසින් ඔහුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ චෝදනාව මත ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරුණේ පෙරේදා වන අතර, බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට ඔහුව කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ යළිත් අත්අඩංගුවට ගනු ලැබුවා.
කොල්ලුපිටිය මංසන්ධියේදී ඔහු පදවාගෙන ගිය ඩිෆෙන්ඩර් රථය බම්බලපිටිය දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබූ අතර, එම අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ.
එමෙන්ම, අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න වෙතද අද පෙරවරුවේ යොමු කෙරුණා.