හිතලා බලන්නකෝ.. අද ඔයා වටේ තිබෙන බොහෝ දේ කාගේම හරි සිතුවිල්ලක ප්‍රතිඵලයක් නේද ?
සිතුවිලි කියන්නෙ කොයිතරම් ප්‍රභල දෙයක්ද කියල දැන් ඔයාට තේරෙනවා ද?
අපේ ජීවිතයේ අපි කරල තියෙන බොහොමයක් දේවල්, අපේ ජයග්‍රහණ, අපේ පරාජයන් අපේ සිතුවිලි ඔස්සේ ක්‍රියාත්මක වුණ දේවල් වල ප්‍රතිඵල කියල හොඳින් කල්පනා කරලා බැලුවොත් පැහැදිළි වෙනවා...
ශක්තිමත් මනසකින් සිතන සිතුවිලි වලට අපේ ජීවිතයේ අතිශය වැදගත් ස්ථානයක් හිමිවන්නේ ඒ නිසා. අපේ ජිවිතේ ඉදිරියට අරගෙන යන්න සිතිවිලි වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා...
ඔබ අද ඉන්න තැන කොයි වගේ දුෂ්කර තැනක් වුනත් තව වසර 10 කින් ඔබව වඩා සුවපහසු තැනක රඳවන්නත්, ඔබ අද ගත කරන ජීවිතය කොතරම් සැපවත් වුනත් හෙට ඔබට වඩා දුෂ්කර ජීවිතයක් හිමි කරල දෙන්නත් ඔබේ එක සිතුවිල්ලකට පුළුවන්. ඔව් ඔබේ එකම එක සිතුවිල්ලකට වුණත් ඔයාගේ ජිවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්...
අන්න ඒ නිසා ඔබව වටිනා තැනක රඳවන්න පුළුවන් සිතුවිලි නිර්මාණය කරන්න ඔබේ මනස පුරුදු කිරීම ඉතාම වැදගත්.
මේ ලිපියෙන් ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් සිතුවිලි 05 ක් ඔස්සේ ඔබේ මනස ගොඩනඟා ගන්නෙ කොහොමද කියලයි.
ඔබ ගැන දැනගන්න
ඔබේ දක්ෂතා, හැකියාවන් පිළිබඳ වඩාත්ම හොඳින් දන්නා පුද්ගලයා ඔබම බව ඔබ අනිවාර්‍යෙන් පිළිගත යුතුමයි.
ඔබේ දක්ෂතා හඳුනාගන්න, ඔබේ හැකියාවන් ඔප් නංවාගන්න, ඔබ කැමති දේ කරන්න, ඔබ අකමැති දේ නොකර ඉන්න වගේම ජීවිතයේ ඔබ ලබා ගන්න කුඩා හෝ ජයග්‍රහණයන් ගැන සතුටු වෙන්න ආඩම්බර වෙන්න ඔබ පමණක් සිටීමත් අතිශයින්ම ප්‍රමාණවත් බව ඔබ සිහිතබා ගත යුතුයි.
ඔබට ජීවිතයේ පැමිණෙන අභියෝග, දුක් කම් කටොළු, ඔබේ පරාජයන් මත ඔබ කවුරු දැයි තීරණය නොවෙන බව වගේම එසේ ඔබ ලබන පරාජයන්ගෙන් ඔබේ ජීවිතයේ අවසාන ඉරණම තීරණය නොවන බවත් ඔබ මතක තබා ගත යුතුයි.
වඩා වටින්නේ ඒ පරාජයන්, දුක් දොම්නස් සහ අභියෝග හමුවේ ඔබ කොතරම් දුරක් ගමන් කරාද, ඒවාට එරෙහිව කොතරම් සටන් කරාද සහ ඒවාගෙන් ඔබ උගත් පාඩම් මොනවාද යන්න පමණි.
ඒ නිසා ඔබ ගැන ඔබ ලබාගන්නා අවබෝධය ඉතාම වැදගත්.
ධනාත්මක වෙන්න
ඔබට ධනාත්මක එහෙමත් නැත්නම් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න ඕන නම්, ඍණාත්මක සිතිවිලි වලින් මිඳීම, ඍණාත්මක ආකල්ප දරන පරිසරයෙන් මිඳීම අත්‍යාවශයි.
ඔබ යම් කටයුත්තක් ආරම්භ කරන්නේ සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් නම් ඒ කටයුත්ත ආරම්භයේදීත්, ක්‍රියාත්මක වන විටදීත්, අසාර්ථක වන අවස්ථාවලදීත් ධනාත්මක සිතිවිලි ඔබ තුළ ක්‍රියාත්මක වීම අතිශය වැදගත්.
ප්‍රතිඵලය කුමක් වුවත්, ඔබ, ඔබ ගැන උපරිම විශ්වාසයෙන් යුක්තව ඔබේ සැළසුම් ක්‍රියාත්මක කරමින් සියල්ල සාර්ථක වනවා යන සිතුවිල්ලෙන් එම කටයුත්ත අවසන් කරන්නත්, අන්‍යන්ගේ පසුගාමී සහ ඍණාත්මක අදහස් වලින් පසුබට නොවීමටත් මනස පුහුණු කිරීම අත්‍යාවශ්‍යයි.
බය වෙන්න, බය වෙන්න එපා හැබැයි.. ඔයට පුළුවන් බය පරාජය කරන්න...
අපි හැමෝම හරිම සාමාන්‍ය මිනිස්සුනේ. අපි විවිද සිදුවීම් වලට මුහුණ දෙනවා... ජිවිතේ කියන්නේ එහෙම දෙයකට...
සතුට, දුක, ලැජ්ජාව, බය මේ හැමදෙයක්ම අපි හැමෝටම පොදු හරිම සාමාන්‍ය සිතුවිලි කියල ඔබ තේරුම් ගන්නම ඕන.
අලුත් දෙයක්, නුපුරුදු දෙයක් කරද්දි සිතට බයක්, චංචල ස්වභාවයක් දැනීම අතිශය සාමාන්‍යයි කියලනේ අපි මේ සඳහන් කරේ. ඒත් ඔබ මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබේ මනසේ පාලනය ඔබ සතුව පැවතිය යුතු බව.
ඒ නිසා, බිය වීම අතිශය සාමාන්‍ය වුනත් ඒ බියට ඔබව දිගින් දිගටම පාලනය කිරීමටත්, ඔබේ සැළසුම් නැවැත්වීමට, ප්‍රමාද කිරීමට හෝ අඩපණ කිරීමටත් ඉඩ නොදී බිය පරදා ජය ගැනීම ඉතාම වැදගත්.
ඔබ හොඳින් ද බලන්න
ඔබට ඔබව අත හැරෙන්න නොදී රැකබලා ගැනීම ඉතාම වැදගත්. ඔබට ඔබව නැති වෙන්න දෙන්න එපා...
ඔබේ දක්ෂතා හඳුනා ගැනීම, ඔබ කැමති , ඔබ දක්ෂ දේ කිරීම, මනසට අවශ්‍ය විවේකය ලබා දීම, ඔබව ප්‍රතික්ෂේප කරන , ඔබ විවේචනය කරන පරිසරයෙන් හැකිතරම් ඈත්වී සිටීම වගේ මනස සුවපත් කරන දේවල් වල හැකිතරම් නිරත වෙමින් ඔබව ඔබව රැකබලා ගැනීමේ වගකීම ඔබ සතුයි. ඔබ හරියට ගසක් වගේ කියලා හිතන්න.. ඉර එළිය , වතුර , පොහොර , සාත්තුව ආදරේ දීලා රැක බලා ගන්නවා වගේ තමයි... ඔයාගේ ජිවිතේ ලස්සනට බලාගන්න ඔයාට වගකීමක් තිබෙනවා...
ජීවිතයේ ඔබට යම් පරිත්‍යාගයන් කිරීමට සිදුවෙන අවස්ථා තිබුණත් සෑම විටම අන්‍යයන් ගැන සිතා ඔබේ සතුට පරිත්‍යාග කිරීම නම් නොකළ යුතු බව ඔබ හොඳින් මතක තබා ගත යුතුමයි. තමන්ටම වෙන්වූ කාලයක් තිබීම අත්‍යවශ්‍යයි... ෆිල්ම් එකක් බලන්න, ඔයා කැමති තැනක පොඩි රවුමක් යන්න... කැමතිම සිංදු අහන්න, රස කෑමක් හදන්න, ඔයා ලස්සන වෙන්න දෙයක් කරන්න.. ඔයා ඔයාව බලාගන්න ඕනී කියලයි මේ කියන්නේ...
ඒ නිසා, සතියකට වතාවක්වත් ඔබ සුවෙන් සිටිනවාදැයි සැළකිලිමත් වීමත්, ඔබ කැමති විශේෂ දෙයක නිරත වීමත් ඉතාම වැදගත්.
වර්ධනය වෙන්න
දිනෙන් දින ඔබ වෙනුවෙන් ඔබේ දියුණුව වෙනුවෙන් කුඩා හෝ දෙයක් රැස් කර ගැනීමට, ඉගෙන ගැනීමට, ඔබ ලබා ගත් ජයග්‍රහණ සතුටින් අත්විඳීමට, පියවරෙන් පියවර ඔබේ සිහින ඔස්සේ ඉදිරියට යාමට ඔබ සෙමින් සෙමින් කටයුතු කිරීම ඉතාම වැදගත්.
දවසින් දවස හෝ ඔබේ අරමුණු ඉටුකර ගනිමින් ඔබ යන ගමන් මඟ ගැන දිනක් තුළදි පවා ඔබ ලබාගෙන ඇති දියුණුව ගැන සතුටු වීමටත් අමතක කරන්න එපා.
සිතුවිලිවලට ඔයාව වෙනස් කරන්න පුළුවන්.. යහපත් සිතුවිලි එක්ක වැඩෙන්න... ජිවිතේ ලස්සන වෙන හැටි බලන්නකෝ...
අන්තර්ජාලයෙන්