අමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, එරට නීති සම්පාදකයන් වසර දෙකක විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර වාර්තාවක් ලබා දී තිබෙනවා...
එම වාර්තාවේ දැක්වෙන ආකාරයට, ‘කොවිඩ් 19’ වයිරසය කාන්දුවී ඇත්තේ චීනයේ පර්යේෂණාගාරයකිනි.
‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. ඒ, 2019 නොවැම්බරයේය. ඉන්පසු එය වසර දෙකක් ලොව කැලඹුවා.... ‘කොවිඩ් 19’ වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් ලෙස සැර බාල වූයේ ප්‍රතිශක්තිකරණ එන්නත් මගිනි.
‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන් එම විශේෂ විමර්ශන වාර්තාව සකස් කිරීම සිදු වී තිබෙනවා... එම වාර්තාවට පිටු 520 ක් ඇතුළත් වන බව ද පැවැසෙයි.
“අප මෙම වාර්තාව සකස් කළේ කොවිඩ් 19 වයිරසයේ සුලමුල ගැන සෙවීමට පමණක් නොවෙයි.
ඇමෙරිකාවටත් මුළු ලෝකයටත් බලපෑම් කළ හැකි මීළඟ වයිරසයෙන් සමස්ත ලෝකයම ආරක්ෂා කර ගැනීමේ අරමුණින්” යැයි විමර්ශන කමිටු සභාපති බ්‍රැඩ් වෙන්ස්ට්‍රප් අමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් මණ්ඩලයට පැහැදිලි කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා...
‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය ගැන අමෙරිකාවේ ෆෙඩරල් ආයතන පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානය ද විවිධ නිගමනවලට එලඹී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කරගෙන නැහැ...