විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව මහජන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
2025 වර්ශයේ පළමු මාස 6 සඳහා පවතින විදුලි ගාස්තුවේ අඩුවීමක් හෝ වැඩිවීමක් සිදු නොවන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
ඒ අනුව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනවා.
මෙම ආණ්ඩුව බලයට පත් වීමත් සමග මේ වන තෙක් විදුලි ගාස්තුවේ සංශෝධනයක් සිදු වුණේ නැහැ.
කෙසේ නමුත් පැවති ආණ්ඩුව සමයේ විදුලි ගාස්තුව මසකට එක් වරක් සංශෝධනය කරන ලද අතර එය සිදුවූයේ මිල සූත්‍රයකට අනුවයි.