ඒ සිය පියාගේ දෑතින් ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමක් පිළිබඳවයි...
මිදෝරි කරුණාරත්න නම් වූ මේ වාසනාවන්ත දියණියගේ ඒ වාසනාවන්ත මොහොත තවත් වර්ණවත් වන්නේ... ඇගේ පියා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරන කාලයේදීම ඔහුගේ දෑතින් උපාධිය ලබාගැනීමට හැකිවීම නිසායි...
ඒ විතරක් නෙමෙයි මිදෝරිගේ පියා 1992 වර්ශයේදී මෙම ශාස්ත්‍රපති උපාධියම ලබාගෙන තිබෙනවා...
ඒ සුන්දර මොහොතේ තමන්ගේ දුව ගැන ඒ තාත්තාට මොනතරම් සතුටක් දැනෙන්න ඇතිද?
කිරිකැටි දියණියක් වෙලා ඇයව ඔහුගේ දෑතට ලැබුණ අතීතයේ පළවෙනි දවසේ සිට මේ වනතුරු ඇයව උස්මහත් කරපු හැටි.. රුව ගුණ නැණ පිරි සුන්දර මලක් සේ ඇය පිපුණු හැටි මිදෝරිගේ තාත්තාට මතක් වෙන්න ඇති... ඒ සතුට මේ පින්තූරය සාක්ෂියක්...
ඒ වගේම මේ වාසනාව ලද මිදෝරිට ඒ මොහොත සදා අමතක නොවන ස්වර්ණමය මතකයක් ගෙන දෙන්නත් ඇති....
ඇය සිය ෆේස්බුක් පිටුවේ ඒ ගැන සංවේදී සටහනක් තබා තිබුණේ මෙහෙමයි...
මගේ ජීවිතයේ කවදාවත්ම අමතක නොවන දවසක්! මම හිතන්නෙ දුවෙක්ට මේ තරම් වටින මොහොතක් විදින්න ලැබෙන එකම සතුටක්!
තාත්තා ලබා ගත් ආර්ථික විද්‍යාව ශාස්ත්‍රපති උපාධියම තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කරන ධූරකාලයේදී තාත්තාගේ අතින්ම මටත් ආර්ථික විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට පුලුවන් වෙනවා!
මේ සදහා මා හට උදව් කල මගේ පවුලේ සියලුම දෙනාට, විශ්වවිද්‍යාලයේ සියලූම ගුරුවරුන්ට වගේම අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට , මගේ යාලුවන් ඇතුලු සියලූම දෙනාට මම ස්තූතියිවන්ත වෙනවා!