උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 බිංගෙය තුල තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයකු ගේ මළසිරුරක් ඊයේ හමු වූ බව ඇල්ල පොලිසිය පවසනවා.
මළසිරුර දෙමෝදර, සවුදම්වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචි තරුණයෙකුගේ බවයි පැවසෙන්නේ.
මරණකරු පෙරේදා රාත්‍රි 8.00ට පමණ නිවසින් බැහැරව ගොස් තිබෙනවා.
ඊයේ උදෑසන දෙමෝදර දුම්රිය බිංගෙය අසල වැටී තිබූ මළසිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලිසියට දැනුම්දී තිබෙන අතර ඉන් පසුවයි පොලිසියට දන්වා තිබෙන්නේ.
පෙරදින රාත්‍රියේ බිංගෙය තුළ පාගමනින් යමින් සිටියදී දුම්රියක ගැටී මියයන්නට ඇතැයි පොලිසිය සැකකරනවා.
ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.