පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවකට ඊයේ (05) රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
තුවාලකාරිය ප්‍රථිකාර සඳහා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 73 ක් වන බාලයා වැව, බෝගහවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබන අතර, වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.