නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසළ යළිත් වරක් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා..
එය සුළි කුණාටුවක් ද අඩුපීඩන කලාපයක්ද පීඩන අවපාතයක් ද යන්න තවමත් නිශ්චිතවම ප්‍රකාශකළ නොහැකි බවයි ඔහු පවසා සිටියේ..
9,10,11,12 සහ 13 වැනි දිනවලදී මෙහි වක්‍ර බලපෑම් ඇතිවිය හැකි අතර 9 වැනිදායින් පසුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ..