ෆෙන්ගල් සුළිකුණාටුවේ අවදානම තවමත් පහව ගොස් නැහැ..
නිරිත දිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසළ යළිත් වරක් කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා..
එය සුළි කුණාටුවක් ද අඩුපීඩන කලාපයක්ද පීඩන අවපාතයක් ද යන්න තවමත් නිශ්චිතවම ප්‍රකාශකළ නොහැකි බවයි ඔහු පවසා සිටියේ..
9,10,11,12 සහ 13 වැනි දිනවලදී මෙහි වක්‍ර බලපෑම් ඇතිවිය හැකි අතර 9 වැනිදායින් පසුව උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ..