හදුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් කොංගෝ රාජ්‍යයයේ පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබෙනවා...
විදෙස් වාර්තා සදහන් කළේ, මෙම රෝගී තත්වයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ, වයස අවුරුදු 15ත් 18ත් අතර පිරිස් බවයි..
උණ, හිසරදය, නාසයෙන් දියර ගැලීම සහ කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහ රක්තහීනතාවය වැනි රෝග ලක්ෂණ ලෙස මේ වන විට හඳුනාගෙන තිබෙනවා..
මෙම උණ රෝගී තත්වය හේතුවෙන් තවත් 300කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ..
කෙසේ වෙතත්, සිවිල් සමාජ නායකයෙකු වන Cephorien Manzanza රොයිටර් පුවත් ඒජන්සියට පවසා ඇත්තේ, ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බවයි..