මේ කියන්න යන්නේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කළ තවත් එක් පුවතක් ගැන ඇසෙන කතාවක්..
මහවිරු සැමරුම මෙලෙස කතාබහට ලක්වුණ ප්‍රබල මාතෘකාවක් වුණා..
ඒත් එක්කම විවිධ පුද්ගලයින් මේ සිද්ධියට සම්බන්ධ කරමින් කතා කරන අතර තුර මේ කියන්නේ ඔහු ගැන ඇසෙන කතාවක්..
මහවිරු සැමරුම පිළිබද අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගිනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ..
කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා..