වාහන ආයනයන ගැන විවිධ මත මේ වෙද්දී පවතිනවා.. ඒ අතරින් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නේ වාහන මිල ගණන්වලට මොකද්ද මේ වෙන්නේ කියන එක..
මේ ඒ ගැන ඇසෙන ආරංචියක්.. ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ ඉඟි පළ කරනවා.. වාහන ආනයනයේදී අය කරන බදු සමග මෙලෙස වාහන මිල ඉහළ යන යාමට හැකියාව ඇති බවයි වාර්තා වෙන්නේ..
වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණය වූ බවයි ඔවුන් පවසන්නේ.. එන්ජින් ධාරිතාව අනුව ආනයනික වාහනවලට බදු පැනවීමට රජය සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා..
කෙසේ වෙතත්, ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවටයි වාර්තා වෙන්නේ..