අපේ රටේ ඇතැම් පිරිසක් ජීවත් වෙන්නේ ධීවර කර්මාන්තයෙන්.. පසුගිය දිනවල පැවති කාලගුණ තත්වයත් එක්ක ධිවර වෙළඳාමේ නිරතවුණ අයට ඒ තරම් හොඳ කාලයක් ගෙවුණේ නැහැ..
ඒත් එක්කම වෙළඳපොළේ මාළු මිලගණන්වලත් වෙනසක් සිදුව තිබෙනවා..
ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑමත් සමග මෙරට ධීවර කටයුතු අඩාල වූ පසුබිමක මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ..
ධීවර කටයුතුවලට එල්ල වූ බලපෑම හේතුවෙන් ධීවරයින්, වෙළෙඳුන් පමණක් නොව ධීවර කර්මාන්තය ආශ්‍රිත බොහෝ පිරිසක් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි..
ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑමෙන් ජන ජීවිතයට පමණක් නොව ධීවර කටයුතු වලට ද පසුගිය සතියේ දැඩි බලපෑමක් එල්ල වුණා..
මේ හේතුවෙන් පරිභෝජනයට ප්‍රමාණවත් තරම් මත්ස්‍ය අස්වැන්නක් සතියක පමණ සිට මේ වන තෙක් නොලැබීම නිසා වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා..
ඒ අනුව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේදී තලපත් කිලෝග්‍රෑමයක් රුපියල් 2400 - 2500ත් අතර, පරව් රුපියල් 1400 කට, ලින්නා කිලෝග්‍රෑමයක් රුපියල් 1000 - 1100 අතර, සාලයා රුපියල් 450 - 500 අතර ලෙස තොග මිල දැක්වුණා..
එමෙන්ම, කෙළවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 1400 කටත්, ඇටවල්ලා රුපියල් 650ටක්, ඉස්සා රුපියල් 1200 - 1600ත් අතර මිලකට තොග මිල සටහන් වී තිබුණා..
මෙලෙස මිල ඉහළ යෑම සහ ලැබෙන මත්ස්‍ය අස්වැන්න අවම වීම හේතුවෙන් තොග වෙළෙඳ පොළ වෙත දෛනිකව ඇදී එන සිල්ලර වෙළෙඳුන් ද 50%කින් පමණ අඩුවී තිබෙනවා..
එමෙන්ම, සිල්ලර වෙළෙඳුන් පවසන්නේ, ඉතා ඉහළ මිලකට මත්ස්‍යයින් මිලදී ගෙන අලෙවි කිරීමට නොහැකි බවයි..
අලෙවිය අඩුවීමත් සමග මත්ස්‍ය වෙළෙඳුන් පමණක් නොව වෙළෙඳ පොළ ආශ්‍රිතව සිය ජීවනෝපාය සරිකරගන්නා තවත් පාර්ශ්ව කිහිපයක් ද මේ වන විට පීඩාවට පත්ව සිටිනවා..