විලාසිතා ලෝකයේ රැල්ලක් ඇති කරන චරිතයක් විදිහට Kim Kardashian හඳුන්වා දෙන්න පුළුවන්..
මේ ඇය ගැන අසෙන තවත් එක් ආන්දෝලනාත්මක පුවතක් කියලා කියන්න පුළුවන්..
මෑතකදී, ඇය Dolce & Gabbana සහ SKIMS සමඟින් ඇයගේ නවතම ප්‍රවර්ධන කටයුතු සිදු කරනවා.. එහෙත් ඇය මෑතකදී කළ එක් ප්‍රවර්ධන කටයුත්තකට නම් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ..
Kimගේ නවතම විලාසිතාවට අන්තර්ජාලය හරහා රසිකයින්ගේ විරෝධතා එල්ල වුණේ, සුදු ලේස් යට ඇඳුම් කට්ටලයකින් පෙනී දැන්වීමක් සඳහා ඇය රෝසරි මාලයක් පැළඳ සිටීම නිසායි...
"රෝසරි සහ යට ඇඳුම්?" දැන්වීම් ප්‍රවර්ධනය සඳහා මෙහෙම භාවිත කරන එක සුදුසුද..?මෙය බොහෝ දෙනාගේ විවේචනයට තුඩ දුන් කාරණයක් වුණා..