මාළු මිලදී ගන්න විට අපි බොහොමයකට ඇති වෙන ගැටලුව තමයි පරණ මාළුවලට අසු වීම..
අලුත් මාළු කියලා සමහර අරගෙන ඇවිත් තිබෙන්නේ පරණ මාළු බව දැනගන්නකොට ප්‍රමාද වැඩියි...
අලුත් මාළු හදුනගන්න පුළුවන් විදියක් තමයි මේ කියන්න හදන්නේ...
මේ කියන දේවල් හරියටම බැලුවොත් ආයෙනම් ඔයා අලුත් මාළු කියලා පරණ මාළු වලට රැවටෙන එකක් නම් නැති වෙයි...
අලුත් මාළු අදුරගන්න හැමෝම මුලින්ම බලන දෙයක් මාළුවගේ කරමල. මාළුවගේ කරමල මාළුවෙක් මිය ගිය විට ඉක්මනින්ම නරක් වෙන කොටස ලෙස හඳුන්වනවා.
අලුත් මාළුවල කරමල රෝස පාටයි. කරමල දම් පාටට හෝ කලුපාටට හුරු නම් ඒ මාළු ගන්න එපා.
වතුර ගතිය සහිතව පිම්බිලා පැහැදිලිව ඇස් සහිත මාළු අලුත් මාළුයි. අපැහැදිලි ඇස් ඇත්නම් ඒ මාළු පරණයි.
අලුත් මාළු ඇගිල්ලෙන් එබූ විට තද ගතියක් දැනෙනවා.
මාළු පරණ වෙද්දී හම මෘදු නිසා ඇගිල්ලෙන් එබූ විට එතන වලක් ඇතිවෙනවා.
මාළු පරණ වෙන විට කොරපොතුවල දිලිසීම අඩු වෙනවා. පරණ මාළු අධික දුර්ගන්ධයක් සහිතයි.
ඒ වගේම කැබලිවලට කැපූ මාළුත් ඕනවට වඩා කල් තබා ගන්න එපා.
මේ ටිප්ස් ටික හරියටම අනුගමනය කලොත් ඔයාට අලුත් මාළු තෝරගන්න එක හරිම පහසු වේවී...