Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
04
ඇත්තටම මේ ජාවාරමක්ද..? වන්දනා සමය ඇරඹෙන්නට දින කිහිපයක් තිබියදී ඇසෙන අමුතු කතාව මෙන්න..

- ඇත්තටම මේ ජාවාරමක්ද..? වන්දනා සමය ඇරඹෙන්නට දින කිහිපයක් තිබියදී ඇසෙන අමුතු කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ශ්‍රීපාද වන්දනා සමය කියන්නේ බොහෝ දෙනෙක් බලා ඉන්න කාලයක්.. තවත් දින කිහිපයකින් නැවතත් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙනවා.. 


මෙවර වන්දනා වාරයට සමගාමීව මාර්ග 4ක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පුජා භාණ්ඩ 14වැනිදා ශ්‍රි පාද උඩ මළුව වෙත වැඩම කරවනවා... "සමනල කන්ද රසික එකමුතුව" යැයි සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම සිදුකර බවයි එම හිමිනම පවසන්නේ..

එහිදී ශ්‍රි පාද පත්මය සුවඳ පැනින් දෝවනය කිරිමෙන් අනතුරුව පැවැත්වෙන ආගමික චාරිත්‍රවලින් පසුව 2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරෙනවා.. ඒ අතරේ ඇසෙන වෙනස් විදිහේ කතාවක් ගැනයි මේ කියන්න යන්නේ..

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් කිසියම් සංවිධානයක් විසින් මුදල් රැස්කිරීමේ කටයුත්තක් සිදුකරන බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසනවා.. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් අදාළ සංවිධානය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සංවිධානය අදාළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.. ඔහු ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

මේ විශේෂ ප්‍රකාශය අද දවසේ ශ්‍රී පාද මහානාහිමි පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමිපාණන් විසින් කරන ලද ප්‍රකාශයක් පිලිබදවය.
"සමනල කන්ද රසික එකමුතුව" නම් වූ අප සමූහය විසින් රාජ්‍ය අංශවල අවසරය රහිතව සිදු කලා යැයි කියන හැටන් නල්ලතන්නිය පාරේ අත්වැටෙහි තීන්ත ආලේප කිරීම, කුරුවිට පාරේ දන්සැල් පැවැත්වීම සහ ඒවාට සම්මාදම් එකතු කලා කියන කරුණු අප සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමු. මෙහිදී නායක හාමුදුරුවන් අප සමූහය ලෙස වරදවා වටහාගෙන වෙනත් පිරිසක් විසින් සිදුකල කර්තව්‍ය පිලිබද අපට දෝෂාරෝපණය එල්ල කර ඇති බව අපට පෙනේ.
වර්ෂ 2019 ජනවාරි මස ආරම්භ කරන ලද "සමනල කන්ද රසික එකමුතුව" යනු වසර 6 කට ආසන්න කාලයක් සාර්ථකව පවත්වාගෙන යනු ලබන Facebook Group එකකි. මෙම සමූහයේ සමනල කන්ද ස්වභාව රක්ෂිතය සහ සිරිපා වන්දනාවට අදාල දේ හැර වෙනත් කිසිවක් පල නොවේ. එලෙසම දැඩි විනයකින් සහ නිරතුරුව සත්‍ය තොරතුරු සහ යාවත්කාලින කිරීම් සිදු කරන සමූහයකි. එම නිසාම සිරිපා වන්දනාවට අදාල රත්නපුර, කුරුවිට, හැටන්, මස්කෙලිය, දැරනියගල ආදි ප්‍රදේශවල රාජ්‍ය නිලදාරින් බොහෝමයක් අප සමූහයේ සිටියි. ඔවුන් බොහෝමයක් අප සමග තොරතුරු බෙදාගනිමින් සහ සිරිපා වන්දනාවට අදාල දේ සකච්ඡා කරති.
සමූහයක් ලෙස අපි වර්ෂ 2019 දී සිරිපා වන්දනාව වෙනුවෙන් යම් කිසි ව්‍යාපෘතියක් සිදුකිරීමට අදහස් කරගෙන සිටිනා කල කුරුවිට එරත්න ශ්‍රීපාද මග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලදාරි වූ ප්‍රදීප් කුමාරසිංහ මහතා අපෙන් ඉල්ලා සිටියේ එරත්න මාර්ගයේ ශ්‍රමදානයක් සිදු කිරීමටය. එම නිසාම අප සමූහයේ පලමු ශ්‍රමදාන වැඩසටහන ලෙස 2019 දෙසැම්බර් මස සිරිපා වාරයට පෙර අප සමූහයේ සමාජිකයින් දැනුවත් කර ඔවුන්ගේ පරිත්‍යාග සහ ශ්‍රම දායකත්වය සමග සාර්තක ලෙස ශ්‍රමදානය සිදු කරන ලදි. එහිදී අප එම මාර්ගයේ අම්බලම් සුද්ද පවිත්‍ර කිරීම, පිරියම් කිරීම, මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු ස්තාපනය කිරීම සහ විශාල ප්‍රමාණයේ කසල බදුන් 45ක් ලබා දීම සහ මාර්ගයේ කසල එකතු කිරීම සිදු කරන ලදී. ඊට එවකට කුරුවිට ප්‍රාදේශිය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය, සහකාර ප්‍රාදේශිය ලේකම් තුමා, ග්‍රාම නිලධාරිවරු, සංවර්ධන නිලදාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ශකවරු සියල්ලොම පැමිණියහ. 2019 වසරේ අප පටන් ගත් එම ශ්‍රමදානය නොකඩවා 2024 වසරේද සිදු කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින තුලය. එයද කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය දැනුවත්ව සහ ඔවුන්ගේ අධීක්ශනය යටතේ අප සාර්තකව සිදු කරන ලදී.
මෙලෙස 2020 වසරේ අප භාවිතයට ගත නොහැකි ලෙස අතහැර තිබූ ආඩියාමලතැන්න වැසිකිලි 12 කින් යුත් පද්ධතිය සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදි. එදා පටන් අද වෙනතුරු අප එම වැසිකිලි වල අඩුපාඩු බලා සිදු කරන අතර සෑම වසරකම කුරුවිට ශ්‍රමදානයට සමගාමීව ආඩියාමලතැන්න වැසිකිලි 12 ම පිරිසිදු කර සුද්ද පවිත්‍ර කිරිම කරනු ලැබේ. එලෙසම 2021 වසරේ අප රත්නපුර පලාබද්දල රජ මාවතේ දැනුවත් කිරීමේ පුවරු 20ක් ස්තාපනය කිරීම, අම්බලම් සහ ස්තාන වල නාම පුවරු ස්තාපිත කිරීම, කසල බදුන් 70කට අධික ප්‍රමාණයක් ලබාදීම සහ එම මාර්ගයේ පිරිසිදු කිරීමේ වැඩසටහන සිදු කරන ලද්දේ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අනුදැනුම සහ අධික්ෂණය යටතේය. ඊට රත්නපුර ප්‍රාදේශිය ලේකම් තුමිය, සියලුම ග්‍රාම නිලදාරිවරු, පොලිස් මහතුන් සහ වනජිවී අඩවි වන සංරක්ෂන නිලදාරිතුමන්ද පැමිනියහ. තවද 2022 වසරේ පෙබරවාරි වල කුරුවිට එරත්න ශ්‍රීපාද මග මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන් වූ ප්‍රදීප් කුමාරසිංහ මහතාගේ ඉල්ලිම පරිදි එරත්න මාර්ගයට අඩුපාඩුවක්ව තිබූ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදි කර දෙන ලදී. වර්ණගල අම්බලම තුල එම මධ්‍යස්ථානය ඉදිකර ඊට අවශ්‍ය ඇද, පුටු, මේස, කබඩ් සහ වෛද්‍ය උපකරණ පවා ලබාදුන්නෙ අප සමූහය විසිනි. 2022 වසරේ කුරුවිට එරත්න මග ශ්‍රමදානයද සිදු කරන ලදී. 2023 වසරේ රත්නපුර පාරේ සීත ගගුල අම්බලමේ වැසිකිලි යුගලය අලුත්වැඩියා කර පාවිච්චියට උචිත ලෙස සදාදුන් අතර එම වසරේද අප කුරුවිට එරත්න මහා ශ්‍රමදානය සිදු කලෙමු. අවසානයේ 7 වන ව්‍යාපෘතිය ලෙස පසුගිය නොවැම්බර් මස 30 සහ දෙසැම්බර් මස 1 තුල කුරුවිට එරත්න පාරේ සුපුරුදු ශ්‍රමදානය එනම් සියලුම අම්බලම් සුද්ද කර පිරිසිදු කිරීම, මාර්ගය පිරිසිදු කිරීම, අම්බලම් පිරියම් කිරීම සහ අවාරයේ හානිවූ අම්බලම් පිලිසකර කිරීම ඉතා සාර්තකව 180 කට ආසන්න සමාජිකයින් පිරිසක් විසින් සිදු කරන ලදී.
කුරුවිට පාරේ සිදු කල සියලුම ශ්‍රමදාන කටයුතු අප සිදුකලේ කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේය. එම සෑම අවස්තාවකටම මහජන සෞඛ්‍ය පරීක්ශක ප්‍රදීප් කුමාරසිංහ මහතා සහ පිරිස, ග්‍රාම නිලදාරිවරු සහ සංවර්ධන නිලදාරින් පවා පැමිණියහ.
අප සෑම වසරකම මෙම ශ්‍රමදාන සහ ව්‍යාපෘති සිදුකරන බව සමූහයේ පෝස්ට් එකක් මගින් සමාජිකයින් දැනුවත් ක‍රන අතර එහිදී ඔවුන් තම පරිත්‍යාගයන් ලබාදෙනු ලබයි. අප සෑම පෝස්ට් එකකම අප කරන්නේ කුමක්ද, කරන්නේ මොනවද සහ ඊට යන වියදම් සියල්ල පැහැදිලිව සදහන් කරනු ලබනවා. එහිදී සමාජික සමාජිකාවන් ඔවුන් බඩුබාහිරාදි දීමට හෝ අදාල මුල්‍ය පරිත්‍යාග ලබාදීම සිදු කරනු ලබනවා. එලෙසම යම් අඩුපාඩුවක් පැවතියහොත් ශ්‍රමදානයට පෙර එය දැනුම් දෙන අතර ඒවා ලැබුනු පසු කිසිවෙකුගෙන් කිසිම පරිත්‍යාගයක් අප ගන්නේ නැත. මෙවරද ශ්‍රමදානය අවසන් කල පසු 5 දෙනෙකු අපෙන් පරිත්‍යාග ලබාදීමට අවශ්‍ය බව පැවසුවද අප ඒවා ප්‍රතික්ශේප කරන ලද්දේ අපට අවශ්‍ය දේ ලැබූ නිසාත් ඉන් අදාල දේවල් සියල්ල සිදු කල අවසන් නිසාත්‍ වේ.
සෑම වසරකම ව්‍යාපෘතිය අවසන් වූ පසු අප මුදල් කොපමණ ලැබුනාද, ඒවා වියදම් වූයේ කුමක් සදහාද, ඉතිරි මුදලක් ඇත්නම් ඒ කියක්ද කියා ප්‍රසිද්ද පෝස්ට් එකකින් සමූහයෙ දැනුවත් කරනු ලබනවා. අප බිල් සමගින්ම එහි පල කරන අතර පැරණි බිල් පවා අප සතුව පවතියි. එම නිසාම හැම වසරකම අපට පරිත්‍යාග සිදු කිරීමට මග බලාගෙන පිරිස සිටිනවා. නිත්‍ය වශයෙන් අපට මුල්‍ය ගැටලු පැනනැගුනහොත් උදව් කිරීමට මෙහිම සමාජිකයින් සිටිනවා. එලෙසම කිසිම දවසක කිසිම කෙනෙකු අපෙන් ඔවුන්ගේ දායකත්වයට වූයේ කුමක්ද කියා අසා නැත. කිසිවෙකු කිසිම දිනක අපගෙන් ඒ පිලිබද ප්‍රශ්න නැගුවේ නැත. ඒ අප මේ සිදු කරන සියලුම දෑ සම්පූර්ණ විනිවිදභාවයෙන් යුතුව සිදු කරන හෙයිනි. අපට සහය දෙන සියලුම දෙනා අප සිදු කරන දේ 100%ක් හරියට සිදු කරන බව දන්නෝය. මන්ද සිරිපාදේ රත්නපුර සහ කුරුවිට මාර්ග වලින් යන ඕනෑම බැතිමතෙක්ට සමනල කන්ද රසික එකමුතුව සමූහයෙන් කරපු දෑ දැකබලාගත හැකි හෙයිනි. අප සමග එම ප්‍රදේශ වල පිරිස ඉතා ආදරයෙන් සහයෝගයෙන් කටයුතු කරනු ලබනවා.
අපට ලද පරිත්‍යාග වල යම් කිසි ඉතිරියක් වුවහොත් ඒවා අප වාරයේ සිදුවන ගැටලු වලට යොමු කරනු ලබනවා. එනම් උතුරා යන වැසිකිලි වලවල් පිලිසකර කිරීම, කැඩෙන බට නැවත යෙදීම වැනිදෑ අප හැම පාරකම සිදුකරනු ලැබුවා. එලෙසම අප හදිසි අවස්තාවක භාවිතයට ගන්න ගිලන් ඇදක් පවා ලබා දුන් අතර පසුගිය මසද එලෙස ගිලන් ඇදවල් 4 ක් ලබාදුන්නේ සමාජිකයන්ගේ දායකත්වයද සමගිනි. එලෙසම මෙවරත් ඉතිරිවන මුදලින් එරත්න පාරේ කම්කරුවන් හට බූට්ස් ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් ඉල්ලු අතර ඒයද අප ඉටු කිරීමට නියමිතය. අප හැම ව්‍යාපෘතියක්ම සිදුකිරීමට පෙර සමූහයේ සමාජිකයින් දැනුවත් කරන අතර ඔවුන් ස්ව කැමැත්තෙන් අපට දෙන පරිත්‍යග වලින් අප සම්පූර්ණය විනිවිදභාවයෙන් මෙම කටයුතු සාර්තකව සිදු කරන ලදි.
අප සමූහයේ ප්‍රතිපත්තිමය තීරණයක් යටතේ කිසිම දිනක කිසිම අවස්තාවක හැටන් නල්ලතන්නිය මාර්ගයේ කිසිම ශ්‍රමදානයක් සිදු කිරීම හෝ ව්‍යාපෘතියක් සිදු කිරීමක් කරනු නොලැබේ. අප 2019 පටන් අපේ ශ්‍රමදායකත්වය දෙමින් අප ව්‍යාපෘති සහ ශ්‍රමදාන කලේ කුරුවිට එරත්න මාර්ගයට සහ රත්නපුර පලාබද්දල මාර්ගයට පමනි.
සමනල කන්ද සහ සිරිපාදේ වෙනුවෙන්ම ඇති ඒ දේවල් පමණක්ම බෙදාගන්නා එකම විශාලතම සමාජිකයින් පිරිසක් සිටිනා සමූහය් මෙය වේ. එම නිසාම අපගේ සමූහයේ නමින් මේ වනවිට වෙනත් ව්‍යාජ සමූහ 10 කට වැඩි ප්‍රමාණයක් Facebook තුල පවතිනවා. එය ඔබටද Groups යටතේ Search කර බැලිය හැකිය. අප නිකංම නිකං සමූහයක් නොවෙන අතර අප සමනල කන්ද ස්වභාව රක්ෂිතේ ආරක්ශාව උදෙසා සහ සිරිපා වන්දනාව උදෙසා බොහෝ සේවයක් කරන ලදි. අප මීට පෙරද නායක හාමුදුරුවන් මුනගැසි රක්ශිතයේ පැවැත්මට සහ කුණු ප්‍රශ්න වලට අදාල ‍යෝජනා ලබාදුනි.
කාලයක් තිස්සේ එම ගැටලු වලටද මැදිහත් වෙමින් පරිසරය ආරක්ශා කරගන්න උර දැරීමේ ප්‍රතිපලයක් ලෙස මෙවර රත්නපුර සහ නුවරඑලි දිස්ත්‍රික් සිරිපා කමිටු වලටද අපගේ නියෝජනය කලෙමු. ඒහිදි අප විසින් හැටන් පාරේ ප්ලාස්ටික් ජල බෝතල් කලුකඩ මිලට අලෙවි වීම සහ පොදු ජල නල පද්ධති කඩා විනාශ කිරීම ගැන හඩ නැගූ අතර අපගේ යෝජනාවක් අනුව එලබෙන වාරයේ සිට හැටන් මාර්ගයේ ප්ලාස්ටික් ජල බෝතල් විකිනීම තහනම් කරන ලදී. එලෙසම හොරෙන් සුරුට්ටු සිගරට් විකිනීමද අප පැවසූ අතර එයද දැඩිව තහනම් කරන ලදි. එලෙසම් අප යෝජනා කල කුනු ප්‍රශ්න වලටද නිසි පිලියම් ගැනුණි.
හැටන් පාරේ ඇතැමුන් සේම වෙනත් පාර්ශව පවා මෙම සමූහය සමග අමනාපයෙන් පසුවිය හැක. මන්ද අප ප්ලාස්ටික් වතුර බෝතල් කලුකඩ මිලට අලෙවි වීම ගැන කතා කිරීම සහ නැවත ප්ලාස්ටික් වතුර බෝතල් සිරිපාදේ විකිනීම තහනම් කිරීම සහ සුරුට්ටු විකිනීම තහනම් කිරීමට මුල් වූ හෙයිනි. එම නිසාම අප සමූහයේ නාමය වැරදි ලෙස ඔවුන් නායක හාමුදුරුවන්ට කීවා විය හැකිය.
එ කෙසේ හෝ අද දිනයේ නායක හාමුදුරුවන් පවසන හැටන් මාර්ගයේ සිදු කල ක්‍රියා සිදු කරන ලද්දේ අපගේ නම භාවිතා කරමින් වෙනත් පිරිසක්‍ වේ. ඔවුන්ට හාමුදුරුනමක් අනුශාසනා දී ඇති අතර ඔවුන් නිසි අවසර රහිතව කල බව කියැවේ. ඔවුන් අපේ නම ලෙසම "සමනල කන්ද සුරකින එකමුතුව" ලෙස නාමය භාවිතා කර මෙම ක්‍රියාවන් වල නිරතව ඇත. ඔවුන් මෙලෙස අපේ නම භාවිතා කරමින් මෙම ක්‍රියාවේ නිරතව ඇති අතර නායක හාමුදුරුවන්ගේ ප්‍රකාශයේ සදහන් අත්වැටවල් වල තීන්ත ගෑම සිදුකලේ ඔවුන් වේ. ඒ සදහා නිසි අවසර නැතුව මුදල් ගැරීමක් සිදු කල ඇති බවට මෙම වරදවා වටහාගැනීම ඇත්තේ ඒ නිසාවෙනි. මන්ද අප සමූහය හැමදාම ව්‍යාපෘති සිදුකලේ නිසි රාජ්‍ය නිලධාරින්ගේ අනුදැනුම සහ අධික්ෂණය යටතේ නිසාවෙනි. අප විසින් කිසිදු අවස්තාවක අත්වැටවල තීන්‍ත ගෑවේ නැත. ඒ වෙනුවෙන් අප මුදල් එකතු කලේද නැත. නායක හාමුදුරුවන් පවසන දේවල් සිදු කල පිරිස සහ ලැබුනු මුදල් හෝ ඒ කිසිවක් අප දන්නේ නැත. මන්ද ඒ දේවල් සිදු කලේ මෙම සමූහයෙන් නොවන හෙයිනි. නායක හාමුදුරුවන් පවසන පරිදි එම මාර්ග වල එසේ වූවා නම් එම මාර්ග වල පරිපාලන නිලදාරින් හරහා එය විමසා බැලිමක් සිදුකලා නම් මේ වැරදි අවබෝදය නිවැරදි කරගැනීමට හැකියාව තිබූ බව අපේ විශ්වාසයයි.
නායක හාමුදුරුවන් විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශය පිලිබද අප ඉතා කණගාටු වන අතර එහි සදහන් සියල්ල අප සමූහය තරයේ ප්‍රතික්ශේප කරමු. අප විසින් දැනටමත් රත්නපුර සහ නුවරඑලිය දිසාපති වරු සහ කුරුවිට ප්‍රාදේශිය ලේකම්තුමන් සහ අනෙකුත් නිලදාරින් දැනුවත් කර ඇත්තෙමු. එසේම නායක හාමුදුරුවන් මුණගැසී අප සමූහය ලෙස වරදවා වටහාගෙන උන්වහන්සේ සිදු කල ප්‍රකාශය පිලිබද අප කරුණු දක්වා එය නිවැරදි කරගැනීමට නියමිතය. නායක හාමුදුරුවන් අප සිදු කලා යැයි පවසන නමුත් අප විසින් සිදු නොකල මෙවැනි අභූත චෝදනා වලට නිහඩව සිටීමට අපට නොහැක.
අප මෙම සටහන තබනුයේ නායක හාමුදුරුවන්ට චෝදනා කිරීමට හෝ උන්වහන්සේ අපහසුතාවයට පත්කිරීමට නොව උන්වහන්සේ මාධ්‍ය සාකච්ඡාවේ පවසන හැටන් පාරේ තීන්ත ගෑ කණ්ඩායම අප නොවන බව පසක් කිරීමටය. යම්කිසි වැරදි තොරතුරු හුවමාරුවක් හේතුවෙන් අප සමූහයේ නම භාවිතා වීමේ වරද නිවැරදි බව පෙන්වාදීමටය.
මෙම සමූහයේ අප සමග සිටින සමාජික සමාජිකාවන් වන ඔබ මෙම සමූහය හරහා ඔබ සමනල කන්ද, සිරිපා වන්දනාව සහ සිරිපා වනපෙත පිලිබද බොහෝ තොරතුරු සහ දැනුමක් ලබාගත් බව නොරහසකි. දැඩි නීතීරීතී දමා අප හැම විටම අදාල පෝස්ට් පමණක් පල කරන අතර අනවශ්‍ය වචන භාවිතය පවා වලක්වමින් අප ඉතා විනයක් සහිතව මෙම සමූහය කරගෙන යනු ලබනවා. ඉතින් ඔයාලා අපි ගැන සහ අපි මෙතෙක් කරපු දේවල් ගැන දන්නවා. කුරුවිට රත්නපුර පාරවල් වලින් යන අය අපි කරලා තියෙන දේව දකිනවා. ඉතින් මෙවරත් පසුගිය සති අන්තයේ 180කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව ශ්‍රමදාන වැඩකටයුතු සිදු කලෙමු. අප ඉදිරියටත් හරි දේ හරියට කරන්නෙමු.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top