ඒත් අදත් ඒ ගැන බොහෝ දෙනෙක් කතා වෙන්නේ එය එතෙක් මෙතෙක් වාර්තා වුණ අඳුරුතම මතකයක් නිසා කිව්වොත් හරි.. ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සිදු වි අදට වසර පනහක් සපිරෙනවා...
1974.12.04 දින ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපලින් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන මක්කම බලා පියාසර කළ ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් සප්ත කන්‍යා කදු වැටියේ ගැටි ගුවන් යානයේ ගමන් ගත් මගින් 182 ක් සහ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත්වුණා...
ඉන්දුනිසියාවේ සුරවේයාර් ගුවන්තොටුපලේ සිට ශ්‍රි ලංකාව හරහා මක්කම දක්වා අඩි 36000ක් ඉහලින් පියාසර කරමින් තිබු ඩි.සි 08 ගුවන් යානයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් එය කටුනායක ගුවන් තොටුපලේ ගොඩබැස්සවිම සදහා ගුවන් නියමුවා විසින් ගුවන්තොටුපලේ ගුවන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර, එහිදි ගුවන් යානය අඩි 4000 දක්වා පහත් කර පියාසර කරන ලෙසට ලැබුණේ යැයි කියන උපදෙස් මත ගුවන් යානය පහත්කර සප්ත කන්‍යා කදුවැටිය අසලින් පියාසර කිරිමේදි එම ගුවන් යානයේ වම්පස තටුව කදුවැටියේ ගැටිමෙන් පසු ගුවන් යාන පුපුරා එහි ගමන් ගත් සියලු දෙනා ජිවිතක්ෂයට පත්වුණා..
බගවන්තලාව, කාසල්රි ජලාශයට ඉහලින් පියාසර කර ඇති ඩි.සි 08 ගුවන් යානය එදින රාත්‍රි 10.10 ට පමණ සප්ත කන්‍යා කදුවැටියේ ගැටි එහි ගමන් ගත් සියලු දෙනා ජිවිතක්ෂයට පත් වු බවත්, එහි කාර්ය මණ්ඩලයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණ ඇයගේ පෙම්වතා විසින් හෙලිකොප්ටර් යානයකින් ඉන්දුනිසියාව දක්වා රැගෙන ගිය බවයි, අනතුර සිදු වු දින, අනතුර දැක බලා ගැනිමට ගිය පිරිස කියා සිටියේ..
ගුවන් අනතුර සියැසින් දුටු නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පදිංචි ජි.එච්.නිමල් ද සිල්වා ප්‍රකාශකර සිටියේ මෙවැනි අදහසක්..
'' මට එතකොට අවු 19 යි, එවකට මම රැකියාව කලේ දියතලාව යුධ හමුදා කදවුරේ පළමුවන ගැමුණුහේවා බලකායේ රියදුරෙකු වශයෙන්..
ගුවන් අනතුර සිදු වුණාට පස්සේ ගැමුණුහේවා බලැණියේ අණදෙන නිලධාරි වශයෙන් එවකට සේවය කල මේජර් ලකි අල්ගම සමග සියයකට ආසන්න භට පිරිසක් රැගෙන ගුවන් අනතුර සිදු වු ස්ථානයට ගියා.. අප නතර වුණේ කොත්තැල්ලෙන සිංහල මහා විද්‍යාලයේ, අපේ භට පිරිස්වලට පැවරිලා තිබුණ වගකිම තමයි ගුවන් අනතුරෙන් පසු කන්ද මුදුණේ සහ පාමුල තිබුණු මියගිය අයගේ සිරුරු එක තැනකට රැස් කරන්න. ඒ අනුව අපි ගුවන් අනතුරෙන් මියගිය අයගේ සිරුර සප්ත කන්‍යා පාමුලට එක්රැස් කලා. ඊට පස්සේ ගුවන් අනතුරෙන් මියගිය 190 දෙනෙකුගේ සිරුරු එම ස්ථානයේ සමුහ මිනි වලක් ලෙස භුමිදානය කලා. ඇත්තටම මගේ ජිවිතේ දැකපු විශාලතම ඛේදවාචකයක්, ඒක අදටත් මට මතක් වෙනකොට
හරි කණගාටුවක් ඇති වෙනවා''
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් සප්ත කන්‍යා කදු පාමුල පදිංචිව සිටින තිලක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,
''අනතුර සිද්ධ වෙනකොට මට අවුරුදු 12 යි, ගුවන් අනතුරෙන් පස්සේ ඒක බලන්න ගොඩාක් අය එතනට ආවා. මම දැක්කා ගුවන් අනතුරෙන් පහලට වැටිලා තිබු ගුවන් යානයේ කොටස් එතනට ආව ගොඩාක් අය අරගෙන යනවා. දින ගණනාවක් ඒ වගේ ගුවන් අනතුර සිදු ස්ථානය බලන්න විශාල පිරිසක් ආවා'' යනුවෙනි.
මෙම ගුවන් අනතුර සියැසින් දුටු සප්ත කන්‍යා කදු පාමුල පිහිටි ටෙබර්ටන් වතුයායේ පදිංචි වීරප්පන් රාජ් කියා සිටියේ,
''අනතුර සිදුවෙනකොට මට අවු 7-8 ක් විතර වෙනවා, රැ 10.10 ට විතර අපේ වත්තේ තේ කර්මාන්ත ශාලාවේ නලාව නාද වුණා. අපි සේරම කර්මාන්ත ශාලාව දෙසට දිවගියා, එතකොට වත්තේ අයිතිකරු සොයිසා කියලා මහත්තයෙක් හිටියේ, එයා කිව්වා කන්දේ ගුවන් යානයක් හැප්පුණා වගේ සද්දයක් ඇහුණා කියලා. කැළේ මිදුම නිසා අපිට එතනට යන්න බැ කියලා ඒ පිලිබදව නෝටන්බ්‍රිජ් පොලිසියට මහත්තයා පණිවිඩයක් යවලා දැනුම් දුන්නට පස්සේ ඊට පසුදින පොලිසියෙන් විශාල පිරිසක් ගුවන් අනතුර සිදුවුණ තැනට ආවා. හෙලිකොප්ටර් දෙකකුත් ආවා, එම හෙලිකොප්ටර් දෙක පහල තමයි නතර කරලා තිබුණේ, ගුවන් අනතුර බලන්න ආව ගොඩාක් අය ගුවන් යානයේ කැලි අරගෙන ගියා''
අනතුරට පත් ගුවන් යානයේ එක් රෝදයක් අදටත් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය ඉදිරිපිට ප්‍රදර්ශනය සදහා තබා ඇති අතර,එම ගුවන් අනතුරෙන් මියගිය ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නාමයන් එම සිහිවටනයේ සදහන් කර තිබෙනවා..