මාර්ග අපහසුතා හේතුවෙන් තවදුරටත් තමන්ට අයත් විභාග මධ්‍යස්ථානයට යාමට නොහැකි අපේක්ෂකයින්ට ළඟම මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටිමට හැකියාව පවතින බව විභාගකොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිත පසුබිමකයි.
මෙවර උසස් පෙළ විභාගය පසුගිය මස 25 වනදා ආරම්භ වූ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාගය දින 06 ක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට පියවර ගත්තා.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන්නේ මීට පෙර සැළසුම් කර තිබූ කාලසටහනේ විෂයන් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළේ.
විභාගය නොපැවැත්වූ දිනවල පැවති විෂයන් මේ මස 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එසේම නව කාලසටහන විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළා.
මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම ක්‍රියාවලිය හමුවේ උසස් පෙළ විභාගය කල් යෑමට හේතු වූ බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මේ බව සදහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.