මැදිරි 3කින් යුත් සැහැල්ලු දුම්රියක් (Light Rail) මෙරට නිෂ්පාදනයට සැලසුම් සකස් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) කීර්ති හේවාවිතාරණ ප්‍රකාශ කළා...
මගීන් 240කට පහසුවෙන් ගමන් කළ හැකි මේ දුම්රිය පූර්ණ වායුසමනයකින් හා සැහැල්ලු දුම්රියට අදාළ පූර්ණ පහසුකම්වලින් යුක්තව නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 3ක් (රුපියල් කෝටි 90ක් පමණ) වැය වන බවත් වායුසමීකරණය නොමැතිව සාමාන්‍ය මගීන්ට ගමන් කිරීමට සැහැල්ලු දුම්රියක් නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 2.5ක් පමණ වැය වන බවත් ඔහු පෙන්වා දුන්නා..
මෙරට මඟී ප්‍රවාහනයේදී සුළු මඟීන් පිරිසක් ප්‍රවාහනයේදී දුම්රියක් යොදවා විශාල පිරිවැයක් දරනවාට වඩා සැහැල්ලු දුම්රිය යෙදවීම වඩාත් ඵලදායි බවද ඔහු පැවසුවා...
මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙක් සොයා ගැනීම වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා...
මෙරට නිෂ්පාදිත රේල් බස් ව්‍යාපෘතිය හරහා සේවාවක් වන නමුත් මඟීන් ප්‍රවාහනයේදී මඟියාගේ ආරක්ෂාව වෙනුවෙන් වඩාත් උපරිමව කටයුතු කිරීමට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා...