කල්ගිය විභාග ගැන වගේම එළඹෙන විභාගයක් ගැනත් කියන්න යන විශේෂ පණිවිඩයක් දැනගන්න කැමතියිද..? මේ අන්න ඒ ගැන කතාවක්..
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට යළි ආරම්භ වෙනවා..
මෙවර උසස් පෙළ විභාගය පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග 27 වනදා සිට විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා..
කෙසේ වෙතත්, හෙට දිනයේ සිට විභාග කටයුතු ආරම්භ කෙරෙනවා.. කාලසටහනේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත විෂයන්වලට අනුව විභාගය සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා..
මේ අතර, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝකර තිබෙනවා.. ඒ අනුව ලබන 10 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ...
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරන බවයි පසුගිය දිනෙක ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ...
නමුත් ෆෙන්ගල් සුළිකුණාටු තත්ත්වයත් සමග දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ...