ඕනෑ තරම් පළතුරු රසවලින් රසවත් බීම ගණනාවක් වෙළඳපොලේ තියනවා..
ඒත් මේ කියන්න යන්නේ වෙළඳපොළට හඳුන්වාදුන්න ටිකක් වෙනස් විදිහේ බීම එකක් ගැන කතාවක්..
හිතන්න පුළුවන්ද, රටඉඳිවලින් රසවත් බීමක් හැදුවා කිව්වාම.. ඔව් ඔව් මේ රසවත් පානය හදලා තියෙන්නේ රටඉඳිවලින්.. ජාත්‍යන්තර වෙළෙඳපල තුළ රැල්ලක් නිර්මාණය කරමින් සෞදි අරාබිය මේ බීම වර්ගය හඳුන්වාදීලා තියනවා..
Milaf Cola කියලා තමයි මේ බීම වර්ගය නම් කරලා තියෙන්නේ..
මෙහි විශේෂත්වයක් ලෙස සම්පූර්ණයෙන්ම සීනිවලින් තොරවීම හඳුන්වාදෙන්න පුළුවන්..
මිලාෆ් කෝලා යනු ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව සහ තත්ත්ව ප්‍රමිතීන් සපුරාලන බව සහතික කරමින් දැඩි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිඵලයකින් හදුන්වා දෙන බීම වර්ගයක් වන අතර, සෞදි කෘෂිකර්ම අමාත්‍ය Abdulrahman Al-Fadley සහ Thurath Al-Madina සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Bander Al-Qahtani විසින් මෙම බීම වර්ගය එළිදැක්වීම සිදු කරනු ලැබ තිබුණා..