පසුගිය දින කිහිපයේ බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් තවමත් අවතැන් කදවුරුවල දිවි ගෙවන අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට සවියක් වෙමින් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිට දියත් වනවා.
මෙරට ජනතාව ආපදා තත්ත්වයන්ට මුහුණ පෑ අවස්ථාවන්හිදී සහෘදයෙකු සේ ඔවුන්ට සරණක් වීමට හිරු එදා මෙදාතුර අමතක කළේ නැහැ.
එය අද මෙලෙස දියත් කරන්නේ එම සුපුරුදු වගකීම සුපුරුදු ලෙසට ඉටු කරමින්.
ශ්‍රී ලංකාව මුහුණ පෑ විවිධ ආපදා තත්ත්වයන් මෙන්ම වසංගත වැනි සමාජ පීඩාකාරී තත්ත්වයන් හමුවේ මෙරට ජනතාව වෙනුවෙන් හිරු පෙනී සිටියේ වරක් දෙවරක් නොවෙයි.
එම තීරණාත්මක අවස්ථාවන්හිදී හිරු සහන යාත්‍රා දිවයිනේ සතර දෙසට දියත් කෙරුණේ හිරු ටීවී, හිරු එෆ්.එම් ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය මෙරට ජනතාවගේ දුකේදීත් ඔවුන් සමග නිරන්තරයෙන් සිටින සහෘදයෙකු බව පසක් කරමින්.
පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් ලක්ෂ 05 කට ආසන්න ජනතාවක් පීඩාවට පත්වූ අතර, ඔවුන්ගේ පවුල් සහ ජීවනෝපායන් ද තවමත් අභියෝගයට ලක්ව තිබෙනවා.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයත් මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක අතරට අයත්.
උන්හිටිතැන් අහිමි කරමින් තවමත් අවතැන් කඳවුරුවල දිවි ගෙවන එම ජනතාව බිඳී ගිය සිය ජීවන තත්ත්වය යළි ගොඩනැගීමේ අභියෝගයට මුහුණ පා සිටිනවා.
සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සහ ඔහුගේ අනුග්‍රාහක දායකත්ත්වයෙන් හිරු සහන යාත්‍රා වැඩසටහන එම ජනතාවට අවැසි වියලි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.