අම්මෝ මෙහෙමත් ගණන්, දැන් නම් කන්න වෙන්නේ නෑ.. මේ ඇහෙන මිල ගණන් එක්ක ගොඩක් දෙනෙක් කියන්නේ අන්න ඒ වගේ කතා නේ..
ඔව් ඒක ඇත්ත අද වෙළඳපොලේ බෝංචි කිලෝවක ගාන ඇහුවොත් නම් ඔබේ ඇස් උඩ යාවි..
බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා...
කොළඹට වැඩි වශයෙන් එළවළු සපයන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ලෙස ඊයේ සටහන් වුණේ රුපියල් 800ක් ලෙසයි.. එසේම කැරට් කිලෝවක් රුපියල් 280 ලෙසත්, ගෝවා කිලෝවක් රුපියල් 280ත් අලෙවි වෙනවා..
එසේම තක්කාලි කිලෝවක් 480ක්ද, වම්බටු කිලෝවක් 360ක්ද , වට්ටක්කා කිලෝවක් 220ක්ද, අමු මිරිස් කිලෝවක් 900ක් ද, දෙහි කිලෝවක් 700කට අලෙවි වන බවට වාර්තා වුණේ..