පුංචි ඡන්දය ගැන ගොඩක් දෙනා හිටියේ හරිම උනන්දුවෙන්..
ඉතින් මේ ඇසෙන ආරංචිය දැනගන්නත් ඔබ බොහෝ දෙනා ගොඩක් කැමැත්තෙන් ඇති..
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ, ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් වන බවයි..
ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වූ හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට දින හතළිහක පමණ කාලයක් අවශ්‍ය වන බවද ඔහු සඳහන් කළා..
පළාත් පාලන මැතිවරණය අලුත්ම මැතිවරණයක් මෙන් නොව වෙනස්කම් ගණනාවකට භාජනයවූ එකක් බවද සඳහන් කළ ඔහු , රජය ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ පැවැත්වීමට හැකියාව තිබෙන බව ද පවසා සිටියා..
එසේම, පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට යොදාගත් නිලධාරීන් එම මැතිවරණයටද යොදා ගත හැකි බව ද මෙහිදී සඳහන් වුණා..
මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාල සීමාවේදී පැවැත්වීමට කටයුතු කරන බව නව ආණ්ඩුව ද පසුගියදා නිවේදනය කර තිබුණා..