පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝකර තිබෙනවා.
ඒ අනුව ලබන 10 දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් 05 සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කරන බවයි පසුගිය දිනෙක විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ.
නමුත් ෆෙන්ගල් සුළිකුණාටු තත්ත්වයත් සමග දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.