බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ‘ලොකු පැටි’ නමැත්තා නිදහස ලබා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඉකුත් ජූලි 8 වැනි දින අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී සිටියදී ගිනි අවි වලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු විසින් ක්ලබ් වසන්ත ඝාතනය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලොකු පැටී නමැත්තාට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් මේ සම්බනධයෙන් හිරු ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුවගෙන් කළ විමසිමකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසියට මේ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නොමැති බවයි.