ආසියා සහ පැසිෆික් කලාප සඳහා වූ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සාමාජික රටවල් සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ මණ්ඩලය විසින් එලෙස සුළි කුණාටු සඳහා නාමකරනය සිදුකරනවා.
එම මණ්ඩලයේ සාාමාජික රටවල් අතරට බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පාකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යන රටවල් ඇතුළත්.
මින් පෙර සුළි කුණාටුවකට තබන ලද නමක් නැවත භාවිත කිරීමක්ද සිදුවන්නේ නැහැ.
එමෙන්ම සුළි කුණාටුවකට නම් තැබීමේදී පහසුවෙන් උච්චාරණය කළ හැකි වීම පිළිබඳවත් අවධානය යොමු කරනවා.
ලොව පුරා කලාපීය විශේෂිත කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන කිහිපයක් ඇති අතර, ඒවා හරහා කාලගුණ උපදේශන නිකුත් කිරීම මෙන්ම සුළි කුණාටු නම් කිරීමද සිදුකරනු ලබනවා.
පසුගිය දින කිහිපයේ නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී මේ වන විට සුළි කුණාටුවක් බවට පත්ව ඇති ෆෙන්ගල් ලෙස නම් කෙරුණු සුළි කුණාටුවට එම නම යෝජනා කර ඇත්තේ සෞදි අරාබිය විසින්.
මේ අතර, ඉන්දීය සාගරය ආශ්‍රිතව මීළඟට හට ගන්නා සුළි කුණාටුවට නමක් යෙදීම අවස්ථාව හිමි වී ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
ද හින්දු වෙබ් අඩවිය පවසන්නේ එයට ශක්ති යන නම ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවයි.
ඉන් අනතුරුව සුළි කුණාටුවකට නම යෙදීමේ අවස්ථාව තායිලන්තයට හිමි වී ඇති අතර, මොන්තා යන නම තායිලන්තය විසින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම පසුගිය 2022 වසරේදී හටගත් මැන්ඩූස් සුළි කුණාටුවට එම නම එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් යෝජනා කළ අතර, 2022 වසරේදීම ඇති වූ සුළි කුණාටුවකට අසනි ලෙස නම් තැබීම සිදුකළේ ශ්‍රී ලංකාව විසින්.