බොලිවුඩයේ කවුරුත් ආදරය කරන ප්‍රේම වෘතාන්ත රැසක් ගැන අපි අහලා තියනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කාගේත් කතා බහට ලක්වෙන දෙන්නෙක් ගැන කතාවක්..
මේ දෙන්නාගේ වෙන්වීම ගැන තවමත් බොහෝ මාධ්‍ය කතා කළත්, ඒ ගැන කියවෙන කිසිදු නිල සාක්ෂියක් මින් පෙර සොයාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.. ඒත් දැන් කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් පුදුම හිතෙන කතාවක්ක්..
තවමත් රූප සෝබාව අඩුවක් නැති, මේ ලස්සන කාන්තාව, ලෝකයේ බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත්තත්, ඇගේ සැමියා ඇගෙන් වෙන් වෙන්න තීරණයක් කරලා... ඓශ් - අභී දික්කසාදය ගැන කටකතාවලට තවත් පණ දෙන ඒ කතාව මොකද්ද..?
මේ සිද්ධිය වාර්තා වුණේ පසුගිය දිනක ඩුබායි හි පැවති Global Women's Forum අවස්ථාවට ඇය එක්වූ අවස්ථාවේදී වීම විශේෂත්වයක්.. ඇය සමුළුව ඇමතීමට වේදිකාවට පැමිණෙන විට පසුපසින් විශාල තිරයක ඇගේ නම Aishwarya Rai ලෙස පමණක් ප්‍රදර්ශනය වී තිබෙනවා..
පේ සුරූපී කත ඇගේ විවාහයෙන් පස්සේ තම නමට 'Bachchan' නාමය එක්කර තිබුණත් මේ අවස්ථාවේදී ඇගේ නමෙන් එම නාමය ගිලිහී යාම ලොව බොහෝ දෙනාගේ අවධානය දිනාගත් කාරණයක් වුණා.. මෙලෙස ඇය, ඇගේ විවාහයෙන් පස්සේ පළමුවරට තමයි ප්‍රසිද්ධ වේදිකාවක මේ විදියට තමන්ව හඳුන්වලා දීලා තියෙන්නේ...
නමට මොකක් වුණත් ඇය වෙනදටත් වඩා සතුටින්, නිදහසේ එම අවස්ථාවට එක්වුණා සේම ඊට අදාල දේශනය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..