ජීවිතේ සමහර තැන්වලදි අසරණ වුණාම තමන් කරන දේ ගැනවත් මිනිස්සුන්ට අවබෝධයක් නැහැ... ඒක හරි සාමාන්‍යයි.. ඒ ඇගේ කතාව ඇහුවාට පස්සේ වෙන්න ඇති..
ඒ් විදිහට ජීවිතේ ගන්න සමහර තීරණය නිසා මියෙන තුරාවටම දුක් විඳින මිනිස්සු ගැනත් මේ සමාජය තුලින්ම අපිට අහන්න දකින්න ලැබෙනවා...
අපි මේ කියන්න යන්නෙත් ඒ් විදිහට තමන්ගේ පෙම්වතා නිසා ජීවිතය විනාශ කරගෙන තම පවුල නිසා ගණිකා සේවයේ නියැලුණු තරුණියක් ගැනයි... මේ තරුණිය ජීවත් වෙන්නේ කුරුණෑගල පොල්ගහවෙල පැත්තේ...
පාසලෙන් ඉවත් වුණාට පස්සේ ඇය කළේ ගෙදර වැඩපල කරගෙන ජීවත්වුණු එක...
ඔය අතරෙදි ඇයට හමුවෙනවා තරුණයෙක්ව.. එදා තමයි ඇගේ ජීවිතේ වෙනස්වෙන්න පටන් ගන්නේ... මේ ඇය ඒ වෙනස් වුණ ජීවිතේ ගැන කිව්ව කතාවයි..
මහත්තයෝ මම ගෙදර වැඩ කරගෙන හිටියා.. තාත්තා කළේ ව්‍යාපාර...
අපිට සල්ලි අඩුවක් පාඩුවක් තිබුණේ නෑ.. අපේ ලොරියකට වැඩ කරන්න ඩ්‍රයිවර් කෙනෙක් අලුතෙන් ගත්තා..
ඔහු තමයි ධම්මික..
ටික දවසක් යද්දි ධම්මිකයි, මගෙයි අතර ආදර සම්බන්ධයක් ඇතිවුණා.
මම ධම්මික වෙනුවෙන් ගෙදර තාත්තාගේ ව්‍යාපාරයේ සල්ලි හුගක් වියදම් කළා.
එයාට ගේ හදලා දුන්නා.. බයික් එකක් අරන් දුන්නා..
ලක්ෂ පනහක් විතර වියදම් කළා. හැමදේම කළා.. ඇඳුම් පවා අරන් දුන්නා.
අපේ සම්බන්ධය ගැන ගෙදරට ආරංචි වුණා.. ගෙදරින් කිව්වා මේක නතර කරන්න කියලා.. මම කිව්වා බෑ කියලා..
තාත්තට එක පාරටම පපුවේ අමාරුවක් ඇවිත් ඇදගෙන වැටුණා.. තාත්තට එක්තැන් වුණා.. අම්මාත් ලෙඩ ඇදට වැටුණා..
අරන් තිබුණු ලෝන්වලට ගෙවාගන්න බැරිව අපේ වාහන පවා විකුණන්න වුණා..
අන්තිමට මම ආදරය කරපු කෙනත් මාව දාලා ගියා..
ඒ වෙද්දි මට දරුවෙක් ලැබෙන්න හිටියේ.. අන්තිමට අසනීප තාත්තයි ලෙඩ ඇදේඉන්න අම්මයි පුංචි දුවෙක් එක්ක මම තනිවුණා..
හැමදේටම වියදමට මුදල් නැතිවුණා..
අන්තිමට මට සල්ලි හොයන්න තියෙන ලේසිම දේ කරන්න වුණා මහත්තයෝ..
මොනවා කරන්නද ඒ් අසරණකමට..?
දැන් මම මාසෙට ලක්ෂ 4 ක් විතර හොයනවා..
ණය දැන් හුගක් ඉවරයි.. බිස්නස් එකත් ආයෙමත් පොඩියට පටන් අරන්..
මම කියන්නේ කිසිම වෙලාවක ආදරේ නාමයෙන් කෙනෙක්ව විශ්වාස කරන්න එපා.. වෙනස් වෙන්න යන්නේ පුංචිම පුංචි කාලයයි...
මේ ලෝකේ අපි ගැන හිතන්නේ අම්මා තාත්තා විතරයි.. ඒ්කයි ඇත්ත...