මේ කියන්න යන්නේ තවත් එක් වෙනස් පුවතක්.. මේ කතාව ඇසෙන්නේ අම්බලන්තොට ප්‍රදේශයෙන්..
අම්බලන්තොට නගරයේ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙක්, නගරයේ මාර්ගයේ වැටි තිබූ රන් මාලයක් අහුලා අයිති කරුට ලබා දී තිබෙනවා..
මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන සිය බිරිඳ බැලීමට හා ඇයට බෙහෙත් ලබා ගැනීමට පුද්ගලයෙක් අම්බලන්තොට නගරයට පැමිණ තිබූ අතර ඔහු අතින් මෙම මාලය අස්තානගතව තිබුණා..
මෙම පුද්ගලයා උකස් මධ්‍යස්ථානය ගොස් ගෙදරින් ගෙනා රන්මාලය උකස් කිරිමට සූදානම් වන අවස්තාවේ රන් මාලය අස්ථානගතවී ඇති බවට දැනගන්නට ලැබී තිබෙනවා...
පසුව ඔහු නගරයේ රාජකාරියේ යෙදී සිටි අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් ඔහු මේ බව පවසා තිබුණා..
පොලිස් නිළධාරීන් දෙදෙනා නගරයේ වෙළඳ සැලක් අසලට ගිය අවස්ථාවේ දි වෙළඳ සැල අසල පාරේ අදාල රන් මාලයක් වැටි ඇති අයුරු දැක තිබුණා..
පසුව එය අදාල පුද්ගලයා වෙත බලාදීමට ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ..