අමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලයට පත්ව ඇති බවත් විදෙස් පුවත්පත් වාර්තා කළා..
ඒ අසළ සිටි සංචාරක මග පෙන්වන්නෙකු වන ඩෙනිස් ඩිගින්ස් මෙම පැහැදිලි කළ නොහැකි එළි ඡායාරූපගත කර ඇති බවද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා...
එම එළි නිවී නිවී පත්තු වී ඇති බවත් බල සිටින් ඒවා පියාඹන පීරිසි ලෙස පැවැසීම පුදුමයක් නොවන බවත් එහි වාර්තා වුණා.. අත්භුත එම එළි 4 චතුරශ්රාකාරව සිට
තනි පෙළට පෙළ ගැසී කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ සිට ඇති බවද සඳහන් වෙනවා...
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවත් ඒවා දුටු සමාජ මාධ්‍ය පරිශීලනයන්ද ඉන් කලබලයට පත්ව ඇති බවත් දැනගන්නට ලැබෙනවා...
විශේෂඥයෝ මේවා පියාඹන පීරිසි එළි නොවන බවට මත පළ කර ඇතැයි යනුවෙන්ද, හුදෙක් මෙම එළි රාත්‍රී අහසේ දිස්වෙන ඡායාවන් බවත් අත්භූත එළි ඒවා ඡායාරූගත කළ පුද්ගලයාගේ කැමරා කාචයේ සෙවනැළි විය හැකි බවත් එලෙස පළවූ ප්‍රසිද්ධ මතවලින් කීපයක් වෙනවා...