දරුණු කාලගුණය ගැන මේ වනවිටත් බොහෝ දෙනෙක් අවදානයෙන් පසුවෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසෙන කතාවයි..
දිවයිනට බලපෑ ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට දිවයිනෙන් සම්පූර්ණයෙන් බැහැරට ගමන් කරමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පවසන්නේ හෙටින් පසු කාලගුන තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි..
කෙසේ වෙතත්, ත්‍රිකුණාමාලයේ සිට කන්කසන්තුරෙයේ හරහා මන්නාරම දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදේ ධීවර කටයතුවල නිරත වීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ..
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝමීටර් 290ක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා තිබෙනවා..
අද දිනයෙන් පසු මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් පහව යනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ...
පිඩන අවපාතයේ බලපෑමෙන් උතුර, නැගෙනහිර පළාත්වල තවදුරටත් වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ..
මහවැලි ගඟ පිටාර ගැලීමත් සමඟ කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ජලයෙන් යටවූ කොටසේ රථ වාහන ධාවනය අත්හිටවනු ලැබුවා..
කෙසේ වුවත් ඊයේ දින සිට වර්ෂාවේ අඩුවීම හේතුවෙන් කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ බර වාහන ධාවනයට අවසර ලබා දී තිබෙනවා..
නමුත් ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ගංවතුරෙන් යටවූ කොටලීය පාලම කොටසේ තවමත් අඩි එක හමාරක් පමණ ජලය පැවතීම හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට අවසර හිමි වන්නේ නැහැ..
මේ අතර මඩකළපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා..
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවදුරටත් සිදුවන්නේ නානුඔය දක්වා පමණයි.
කෙසේ වෙතත් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නාච්චාදුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම වැඩි කර තිබෙනවා..
මේ අනුව මල්වතු ඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස නාච්චාදුව ජලාශය භාර ඉංජිනේරුවරිය දැනුම් දෙනවා..
අනුරාධපුර හුරිගස්වැව සිට කටියාව දක්වා ගමන් ගන්නා මාර්ගය හුරිගස්වැව පාලම අසලින් අඩි 15ක් පමණ ජලයෙන් යට වී තිබෙන්නේ කලා ඔය පිටාර ගැලීම හේතුවෙන්..
මේ අතර මධ්‍යම කදුකරයටද තවදුරටත් තද වැසි ඇදහැලෙන අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවතිනවා...
කාසල්රි ජලාශය පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා...
දැදුරු ඔය පිටාර ගැලිම හේතුවෙන් කුරුණෑගල බිංගිරිය ප්‍රා.ලේ කොට්ඨාශයට අයත් පුද්ගලයින් 963ක් පීඩාවට පත්ව සිටිනවා..
එම පීඩාවට පත් ජනතාව වෙත කුලියාපිටිය ගැටලුවාව විද්‍යාලයේ සහ මොළඑළිය විහාරස්ථානයේදී පිසූ ආහාර ලබාදීමට කටයුතු කෙරුණා...
මේ අතර බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග මේ වන විට දිවයිනේ වායු ගුණ තත්ත්වය අයහපත් වී තිබෙනවා..
වායුගුණ තත්ත්ව දර්ශකයේ අගය 0 සිට 50 දක්වා පැවැතීම යහපත් ලෙස සලකණ අතර 101 සිට 150 දක්වා අගය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස සැලකෙනවා..
151 සිට 200 දක්වා අගය අහිතකර මට්ටම ලෙස සලකන අතර 201 සිට 300 දක්වා අගය ඉතා අහිතකර මට්ටමක්..
ඒ අනුව අද පෙරවරුව වනවිට කොළඹ, ගම්පහ, කුරුණෑගල, මහනුවර, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, චාවකච්චේරි යන ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය සටහන් වුණේ 150ට වැඩි අගයකයි..