ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක ඕනෑම කෙනෙක්ගේ හීනයක්.. ඒ එක්කම නිදහසේ කාලය ගෙවන්න සුන්දර නිවහනක්..?
මේ කියන්න යන්නේ ඒ දෙන්නාගේ අන්න ඒ හීනේ සැබෑ වෙච්ච හැටි ගැන එයාලා කියන කතාව.. සංගීත් වගේම දිනිති මීට ටික කාලෙකට කළින් විදෙස් ගත වුණේ ඒ දෙන්නාගේ පෞද්ගලික හේතු මත වුණත්, ඒ දෙන්නාම දැන් ඔන්න ආයේ ලංකාවට ඇවිල්ලා..
ඒ එක්කම තවත් සුබ පණිවිඩයක් ඒ දෙන්නා මෙන්න මේ විදිහට එයාලාට ආදරය කරන අයට කියලා තිබුණා.. සංගීත් වගේම දිනිති කාලයක් තිස්සේ පෙරුම් පිරූ ඒ දෙන්නාගේ අලුත් ගෙදර ගැන තමයි මේ ආරංචිය...
මේ ගෙදර ලස්සනට වැඩ අවසන් වෙනකොටත් ඒ දෙන්නා විදෙස්ගත වෙලා ලු හිටියේ.. කොහොම වුණත් මේ ලස්සන පුංචි හීනය හැබෑකරගත්ත සතුට ඔවුන් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යවලට එක්කරලා තිබුණා..