ලස්සනට ඉන්න කොයිකවුරුත් කැමතියිනේ... ගැහැනු පිරිමි වෙනසක් නැතිව හුඟාක් අය මුහුණ ලස්සනට තියාගන්න උත්සහ කරනවා...
එහෙම කැමති ඔබට මේ ලිපිය වැදගත්...
සමහර වෙලාවට අතට අහුවෙන ඕනිම දෙයක් මුහුණේ ආලේප කරනවා ... ඒක නම් එච්චරම හොඳ දෙයක් නෙමෙයි... මුහුණේ සම හරිම සංවේදියි...
ඒ නිසා ආලේප කරන දේවල් වලින් සමට වෙන්න පුළුවන් හානිය වැඩියි..
හරිම සැලකිල්ලෙන් තමයි ආලේප වර්ග තෝරා ගන්න ඕනි .
මුහුණට සුදුසු ආලේප පමණක් පාවිච්චි කරන්න ඔබ අවදානය යොමු කරනවා නම් ඔබේ සම නිරෝගිව පවත්වා ගන්න පුළුවන්..
බොඩි ලෝෂන්
මුහුණේ සම ශරීරයට වඩා සංවේදියි කියලා ඔබ දන්නවානේ... ඒ සංවේදීකම නිසයි වෙනම ක්‍රීම් වර්ග නිපදවන්නේ. ඉතින් ඔබ බොඩි ලෝෂන් මුහුණේ ආලේප කරනවානම් වසංගතයක් වගේ පැමිණෙන කුරුලෑ වලට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු වෙනවා.
සබන්
සබන් වල අඩංගු බොහෝ කෘතීම රසායන මුහුණේ සම වියපත් කරනවා. වියලි බවට පත් කරනවා. සබන් ඒ තරම් අගුණ දෙයක් ... වේගයෙන් මුහුණ වියපත් වෙන්නත් සැර සබන් වර්ග බලපානවා..
ටූත් පේස්ට්
සමහර අය කුරුලෑ වියලෙන්න කියලා සම මත ටුත්පේස්ට් තවරනවා. මේ නිසා එම ස්ථානය අධිකව වියලෙන්නට පුළුවන්.
හෙයා ස්ප්‍රේ
මේකප් එකක් දැමූ පසු එය හොඳින් මුහුණේ රැඳී සිටින්නට පහසු වීමටත්, ඉරි තලන්නේ නැති වීමටත් සෙටින් ස්ප්‍රේ භාවිතා කරනවා. නමුත් සමහරු මේ සඳහා හෙයා ස්ප්‍රේ භාවිතා කරනවා.
මෙය ඉතාමත්ම හානිකරයි. සම අධිකව වියලීම, කුරුලෑ ගෙඩි වර්ග සහිත සමක් ඔබට උරුම කර දෙනවා. ලස්සන නැතිවෙන එක කාරණයක් තමයි මෙහෙම නොගැලපෙන ස්ප්‍රේ පාවිච්චි කිරිම...
අන්තර්ජාලය ඇසුරින්