ශිෂ්‍යත්ව විභාගය නිසා ඇති වුණ ගැටලුව ඔබට මතක ඇති... මේ කියන්න හදන්නේ ඒ ගැන අලුත් ආරංචියක් ...
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වූ අතර විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 18 වැනිදා අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවා ..
පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ලබන මස 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා...
එම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු තුනක නිර්දේශ ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා..