දිවයින ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අනිද්දා වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එය ඉන්දියාවේ තමිල්නාඩු මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇති බවයි.
මෙම පීඩන අවපාතය අද පස්වරුව වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පැවති අතර එය නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඉදිරි පැය 06 ක් තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙහි බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම බස්නාහිර පළාත්වලට තවදුරටත් මිලිමීටර 150 ඉක්මවූ තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වර්තාවුණේ. යාපනයෙන් වන අතර එය සටහන් වුණේ මිලිමීටර 253 ක් ලෙසයි.
මේ අතර කෙහෙල්ගමු ඔය, යාන් ඔය, මල්වතු ඔය, මහ ඔය සහ අත්තනගලු ඔය මෙන්ම කැළණි සහ මහවැලි ගංගාවල ජල මට්ටම් මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.
කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණිගග නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුලූ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.
එම දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන මල්වතු ඔය ද්‍රෝණිය සඳහා ද ගංවතුර අනතුරු ඇගවිමේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් 73 න් 37ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව, එම වැව්වල ජල ධාරිතාව සියයට 77 ඉක්මවන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් සහ විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
එසේම, කාසල්රී සහ මවුස්සකැලේ ජලාශවල ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේ.
මීට අමතරව ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 03 ක් අද අලූයම සිට විවෘත කෙරුණා.
තවදුරටත් අධික වැසි ඇදහැලූණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍ර්‍රීීයව විවෘත වන බැවින් ජලාශවලට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්වන ලෙසයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දෙන්නේ.
එමෙන්ම වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08 න් 06 ක් මේ වන විට ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා.
මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර 327 ක ජල ධාරිතාවක් රන්ටැඹේ ජලාශයට මුදාහැරෙනවා.
කලාවැව, බෝවතැන්න, දඹුලු ඔය, ලොග්ගල් ඔය මෙන්ම රන්ටැඹේ, වික්ටෝරියා ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දාහතරම විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි දස දහසක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බව සදහන්.
කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 10 බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එමගින් තත්පරයට ඝණ අඩි 3650 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු දහයම තවදුරටත් විවෘත කර තිබෙනවා.
පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක මහාමාර්ග සහ අතුරු මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා.
දැදුරු ඔය පිටාර ගැලීමත් සමග පාදෙණිය - අනුරාධපුර මාර්ගය මිනුවන්ගැටේ පාලම අසලින් ජලයෙන් යටවී ඇති අතර එම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙන්නේ.
එමෙන්ම අක්කරෙයිපත්තු - කල්මුණේ මාර්ගයේ ඔලූවිල් - කලි ඕඩෙයි ප්‍රදේශයේ පාලමක් ගිලා බැසීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස පාලම ගිලා බැසීමට ලක්ව ඇති බවයි.
එමෙන්ම මල්වාන, බියගම යන ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී ඇත්තේ කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.
මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ - මඩකලපුව මාර්ගය ගල්ලෑල්ල ප‍්‍රදේශයෙන් වසා දැමුණා.
එසේම සෝමාවතිය පුද බිම ද ජලයෙන් යටව පවතින බවයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක කියා සිටියේ.
එමෙන්ම, මඩකලපුව - කල්ලඩි පාලම අඩි තුනක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මඩකලපුව නගරයට පිවිසීමට බාධා එල්ල වී ඇති අතර මඩකලපුව නගරයද ජලයෙන් යට වී ඇති බවයි හිරු වාර්තාකරුවන් ප‍්‍රකාශ කළේ.
එමෙන්ම, නුවරඑලිය නගරයට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටොරියා උද්‍යානය, ගිනි නිවිමේ සහ ගලවා ගැනිමේ ඒකකය ජලයෙන් යට වී ඇති බව හිරු වාර්තාකරු සදහන් කළා.
මේ අතර, අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ නිරීක්ෂණය සදහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අම්පාර ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සදහා පිටත් කර යැවූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.
එමෙන්ම යාපනය නල්ලූර් කෝවිල ආසන්න භූමියද ජල ගැලීම් හේතුවෙන් යටව ඇති අතර කිලිනොච්චියේ විශාලතම ජලාශය වන ඉරණමඩු ජලාශයේද වාන් දොරටු විවෘත කර ඇති බව වවුනියාවේ හිරු වාර්තාකරු මාධව කුලසූරිය සඳහන් කළා.
මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල සිට කොළඹ - කොටුව දක්වා මෙන්ම, කොළඹ - කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අද දින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන කියා සිටියේ නායයාමේ අවදානමට ලක්විය හැකි අධි අවධානම් සහිත ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙසයි.