Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
තරුණ කාලේ බැන්දනම් තුනක් හතරක් හදන්න තිබුනා - පබෝදා

- තරුණ කාලේ බැන්දනම් තුනක් හතරක් හදන්න තිබුනා - පබෝදාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,077 Views

ජනප්‍රිය නිළි පබෝදා සංදීපනීගේ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් තියෙනවා.පබෝදා පුංචි පුතත් එක්ක ලංකාවට ඇවිල්ලා.මීට මාස හතකට කලිනුයි පබෝදා ප්‍රංශයේ ඉන්න ඇගේ තාත්තා ලඟට ගියේ.ඇයට බබා ලැබුනෙත් එහෙදි.පුංචි පුතාගේ නම සවේන් ජිත්සර.එයාට දැන් මාස හතරක් විතර වෙනවා.ආරංචියේ හැටියට සවේන් එයාගේ තාත්තා වගේලු.පුතා ලැබුනට පස්සේ පබෝදට හිතෙනවලු ජීවිතේ පටන්ගත්තේ දැන් කියලා.ජිවිතේ පලවෙනි වතාවට අම්මා කෙනෙක් වෙන්නයන ඕනම කෙනෙක් කැමතිනේ සැමියා වගේම අම්මාත් තමන් ළඟ ඉන්නවට.හැබැයි පබෝදා පුතා ලැබෙන්න ඉන්නකොට ගියේ තාත්තා ලඟට.මේක ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක්.ඉතින් ඔබ වෙනුවෙන් අපි ඒ ප්‍රශ්නේ පබෝදාගෙන් ඇහුවා.

ප්‍රශ්නය -:
පබෝදා ඇත්තටම ඔයා ප්‍රංශයට ගියේ ඇයි?ලංකාවේ පහසුකම් මදි කියලා හිතුනු නිසාද?
පබෝදා -:
නැ නැ ..පහසුකම් වල කිසි අඩුවක් තිබුනේ නැ.මම ලංකාවේ ඉන්නකොටත් ගියේ මෙහෙ ඉන්න හොඳම doctor කෙනෙක් ගාවට.මෙහෙ හොඳම hospital තියෙනවා.නමුත් ප්‍රංශයේ මගේ වැඩවගයක් තිබුනා කරගන්න.පුතාටත් ඒ දේවල් ලෑස්ති කරන්න තිබුනා.එකයි එහෙ ගියේ.
ප්‍රශ්නය -:
ඒ කියන්නේ ප්‍රංශයේ පුරවැසි භාවය ලබගන්නද?
පබෝදා -:
ඔව්.
ප්‍රශ්නය -:
අම්මයි පුතයි දෙන්නම හිටියේ එහෙ.තාත්තා තනියම මෙහේ.තාත්තට පුතාව දකින්න ලැබුනද?
පබෝදා -:
තත්තා නම් පුතාව දැක්කේ සතියක් විතර තමයි.එයාට එහෙ වැඩිකල් ඉන්න ලැබුනේ නැ.ඉක්මනට ලංකාවට එන්න සිද්දවුනා.

Paboda Hiru FM
ප්‍රශ්නය -:
පබෝදා බබා ලැබෙන්න කලින් ඔයා කැමැත්තෙන් හිටියේ දුවෙක්ටද පුතෙක්ටද?
පබෝදා -:
husband කැමැත්තෙන් හිටියේ පුතෙක්ට.ඒ නිසා මාත් හිතුවා පුතෙක් ලැබුනොත් හොඳයි කියලා.
ප්‍රශ්නය -:
පුතාටත් දාල තියෙන්නේ තාත්තාගේ නම ලඟින් යන නමක් නේද?
පබෝදා -:
ඔව්.ඇත්තටම මට එයාගේ අකුරුවලින් නමක් දාන්න උවමනාවක් තිබුනා.එනිසා මං ස යන්නෙන් නමක් යෝජනා කරලා තිබුනා.ඊටපස්සේ ඒකෙ අකුරු පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අරිසෙන් අහුබුදු මහත්මයාගේ දුව තමයි නම දැම්මේ.
ප්‍රශ්නය -:
දැන් ආපහු රඟපාන්න එන්නේ කවද්ද?
පබෝදා -:
පුතා ටිකක් ලොකු වෙනකම් එයා ළඟ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ.මොකක්හරි දෙකෙන් එකක් හරියට කරන්න එපැයි.මෙයාගාව ඉන්නේ නැතුව වැඩකරන්න ගිහින් මට ඒ වැඩෙත් හරියට කරගන්න බැරිවුනොත්.ඒ නිසා මං හිතුවා පුතා චුට්ටක් ලොකු වෙනකම් එයා ළඟ ඉන්නවා කියලා.  
ප්‍රශ්නය -:
ඔය නිළියක් husband ව්‍යාපාරිකයෙක් පුතා කවුරු වෙනවටද ඔයා කැමති?
පබෝදා -:
මං කැමති ඉස්සෙල්ලාම එයා හොඳට ඉගෙනගන්නවට.මම බලාපොරොත්තු වෙන්නේ නැ දරුවෝ අපිට ඕනදේ කරන්න ඕනේ කියලා.ඒගොල්ලන්ට කැමති දෙයක් කරන්න පුළුවන්.නළුවෙක් උනත් කමක් නැ.හැබැයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ.

Paboda Hiru FM

ප්‍රශ්නය -:
අම්මා ටිකක් සැරවෙයි වගේ ?
පබෝදා -:
සැරවෙයිද දන්නෙ නැ.තාම මේ අත්දැකීම අලුත්නේ.මෙයාව බලාගෙන ඉස්සරහට යද්දී මෙයාව හදාගන්න කොයි විදිහට ජිවිතේ change වෙන්න වෙයිද දන්නෙ නැ.
ප්‍රශ්නය -:
super six චිත්‍රපටයේදී අපි ඔබව දැක්කේ ගොඩක් වෙනස් විදිහට.දඟකාර චරිතයක්.ඒ වෙනුවෙන් ඔබ ඇඟ ටිකක් නිරාවරණය වෙන ඇඳුනුත් ඇන්දා .ඉදිරියේදීත් අපිට ඔබව ඒ වගේ චරිත තුලින් දකින්න ලැබෙයිද?
පබෝදා -:
ඕනෑම දෙයක් කරන්න පුළුවන් කාලයක් තියෙනවා.දැන් අපි වයසින් ඇඟපතින් වුනත් වෙනස්.මගේ රස්සාව කරපු කාලේ මං ඒදේ හරියට කළා.දැන් මං අම්මා කෙනෙක් නිසා මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා.මගේ වයස,එතකොට husband ,එයාගේ පවුල් පසුබිම මේ හැමදේම ගැන දැන් මම හිතන්න ඕනේ.ඒනිසා ඉදිරියේදී  නිර්මාණයක් තොරගනිද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම.

Paboda Hiru FM

ප්‍රශ්නය -:
පබෝදා දැන් පුතෙක් ඉන්නවා.තව ඔයාවගෙ දුවෙකුත් හිටියනම් හොඳයි නේද?
පබෝදා -:
ඔව් ඒක තමයි දැන් ඊළඟ බලාපොරොත්තුව.තව ටික කාලෙකින් ඒ ගැන හිතනවා.මං හිතාගෙන හිටියේ තුන් හතර දෙනෙක් විතර හදන්න.නමුත් මෙයා හම්බවුනාට පස්සේ හිතුව ඉස්සෙල්ලම එක්කෙනෙක්ට අවදානය දෙන්න ඕනේ කියලා.අඩුගානේ මෙයා මොන්ටිසෝරි යනකන්වත් ඉන්නවා.එතකොට ඉතින් කාලේ ගොඩක් යනවනේ.තව තරුණ කාලේ බැන්දනම් තුනක් හතරක් හදන්න තිබුනා.ඊළඟට ඉතින් ලැබෙන කෙනා දුවෙක් උනොත් හොදයි.හැබැයි ඊළඟ පාරත් කොල්ලෙක් උනොත් තාත්තා නම් තවත් සතුටු වෙයි.එයා කැමති කොල්ලන්ට.මොකද ගැනු ළමයින්ව පරිස්සම් කරන්න ඕනේ කියලා එයා ටිකක් බයයි.හැබැයි මං නම් හිතන්නේ ගැනු ළමයි වුනත් පිරිමි ළමයි වුනත් දරුවෝ කවුරුත් පරිස්සම් කරන්න ඕනේ.

Paboda Hiru FM

Paboda Hiru FM

Paboda Hiru FM

Paboda Hiru FM

Paboda Hiru FM



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top