මේ කියන්න යන්නේ මෙරට ඉතිහාසයේ කිසිකලෙකත්, කිසිවිටකත් අසා නැති කතාවක්.. මේ කතාව ඇසෙන්නේ වේයන්ගොඩ ප්‍රදේශයෙන්..
වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි පැවසෙන ස්ථානයක කැණීම් කටයුතු අද ප්‍රසිද්ධියේ සිදු කෙරුණා...
ඒ අත්තනගල්ල අධිකරණය ලබා දී තිබූ නියෝගයක් මතයි...
මෙම කැනීම සැලකෙන්නේ මෙරට රාජ්‍යය ආයතන මැදිහත්වීමකින් සිදු කෙරෙන පළමු නිධන් හැරීම ලෙසයි..
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ පිහිටි මෙම ස්ථානයේ නිදන් වස්තු ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතිනවා...
ඒ අනුව අදාළ ස්ථානයේ නිදන් වස්තු සොයා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා...
අවස්ථා කිහිපයකදීම මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර අධිකරණය අදාළ ස්ථානය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් කිරීමට නියෝග කර ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගනිිමින්..
ඒ අනුව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසයි නියෝග කර තිබුණේ..
ඊයේ පෙරවරුවේ එම කැණීම් කටයුතු ආරම්භ කළ අතර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මීරිගම ප්‍රාදේශීය, ලේකම් කාර්යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසක නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා...
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම් කටයුතු සිදු කළේ මෙලෙසින්..
අධික වර්ෂාව හේතුවෙන් එම කටයුතු අද දක්වා කල් තැබුණු අතර අද පෙරවරුවේ එම කටයුතු යළි ආරම්භ කෙරුණා...