ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා අලුත් රජය විසින් සිදු කරන්නට යන විශේෂ ක්‍රියාමාර්ගයක් පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් දැන ගන්නට ලැබෙනවා ..
පසුගිය සමය පුරාම රජයේ වාහන පිළිබඳව ජනතාව තුළ නොරිස්සුමක් පැවතියා ... අධි සුඛෝපභෝගී වාහන නිසා ජනතා මුදල් නාස්තිවන බවට පැවති රජයන්ට චෝදනා එල්ලවන ආකාරය දකින්නට ලැබුණා..
අලුත් රජයට නම් එම චෝදනාව එල්ල වන එකක් නැති වෙයි... රජයේ මුදල් අරපිරිමැසුම්දායක ලෙස භාවිතා කරන්නත් අනවශ්‍ය වියදම් කපා හරින්නත් ඔවුන් කටයුතු කරන බව පේනවා... මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්...
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසනවා... මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි...
අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා..
ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා...