Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
21
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්, ජනපති කියූ දේ මෙන්න..

- නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්, ජනපති කියූ දේ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,102 Views
අද තවත් එක් ඓතිහාසික දවසක්.. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද පැවැත්වුණා.. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයේ දී රාජාසන කතාව හෙවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවතිනවා..

එහිදී ජනාධිපතිවරයා පළමුවෙන්ම පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ, ජනපතිවරයා සහ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට බැඳී සිටින බවත්, ජනතාව ලබා දුන් බලය ඔස්සේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට රජය සූදානම් බවයි..

එමෙන්ම, ජනපතිවරයා සඳහන් කළේ, මෙරට ජනතාවගේ දීර්ඝකාලීන ප්‍රාර්ථනයක් වූ ජාතිවාදී දේශපාලනය ඉඩ නොදෙන බවත්, ජනතාවට පිළිකුලට ලක්වූ පාර්ලිමේන්තුවක් රට පාලනය කිරීමට නුසුදුසු බවත්, එසේ හෙයින් පාර්ලිමේන්තුව තවදුරටත් ජනතාවට සැඟවුණු මධ්‍යස්ථානයන් නොවන බවයි..

යහපත් රාජ්‍ය සේවයක් සඳහා ජනතාව තමන්ගේ ප්‍රතිපත්ති සඳහා කැමැත්ත ලබා දී ඇති බවත්, කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් මෙන්ම, මහජනයාගේ හිතසුව පිණිස වැඩකරනු ලබන රාජ්‍ය සේවයක් ගොඩනැගීම තම රජයේ අභිප්‍රායක් බවත් ඔහු රාජාසන කථාව ඔස්සේ සඳහන් කළා..

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඔස්සේ කිසිදු පුරවැසියෙකු තමන් අදහන ආගම, තමන්ගේ භාෂාව, තම තමන්ගේ සංස්කෘතීන් අනුව, හුදෙකළා වීමකට ලක් නොවිය යුතු බවත්, එය තමන්ට අතිරේක පීඩාවක් බවට හැඟවෙන ලෙස කටයුතු සිදු නොවන ආකාරයට බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් ගොඩනඟන බවත් ඔහු සඳහන් කළා..

එහිදී එහි ප්‍රධාන අංගයක් ලෙස නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම අනිවාර්‍ය බවත්, පාර්ලිමේන්තුව මඟින් නීති සම්පාදනය කිරීම සිදු වූවද එම නීති නිසිපරිදි ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කළා..

නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව මහජන විශ්වාසය යළි ගොඩනැගිය යුතු බව සඳහන් කළ ඔහු, තමන් ජනපතිවරයා ලෙසත්, ආණ්ඩුවත් නීතියට යටත් බවත්, මින් පසුව කිසිවෙකුත් නීතියට උඩින් සිටීමට අවස්ථාවක් නොමැති බවත්, සියල්ලන් නීතියට පහළින් සිටිය යුතු බවත් සඳහන් කළා..

එමෙන්ම, ලංකාවේ ආන්දෝලනයකට ලක්වූ අපරාධ රැසක යළි විමර්ශනය කර වින්දිතයින්ට සාධාරණයත්, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම තුලින් ජනතාවට නීතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවයි ජනපතිවරයා රාජසන කථාව ඔස්සේ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ..

එමෙන්ම, තමන් සහ මෙම ආණ්ඩුව රට භාරගන්නා විට සියුම් හුයකින් එල්ලා සිටින තත්ත්වයේ ආර්ථිකයක් පවතින බව සඳහන් කළ ජනපති, මෙම ආර්ථිකයට විශාල කම්පනයන් ඔරොත්තු නොදෙන බවත්, තමන් ඇතුළු ආණ්ඩුව විසුන් සිදුකරනු ලබන කුඩා හෝ අත්වැරැද්දක් ඉතා විශාල වශයෙන් ආර්ථිකයට බලපාන බවත් ඔහු සඳහන් කළා..

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවී ඇති කොන්දේසිවලට අනුකූලව මෙම සතිය තුලදී ඔවුන් සමඟ කාර්‍ය මණ්ඩල එකඟතාවයකට පැමිණීමට නියමිත බවත්, ජනපතිවරයා සඳහන් කළා..

එමෙන්ම, ණය ප්‍රතිව්‍යූහගතකරණය මෙම වසර අවසන්වීමට පෙර සිදුකළ හැකි බවත් සඳහන් කළා..

නව ආර්ථික උපායමාර්ගයකට අවතීර්ණ විය යුතු බව ද පැවසු ජනාධිපතිවරයා එය කොටස් තුනකින් සමන්විත බවත්, පළමුව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ වේගවත් වර්ධනයක් හා ප්‍රසාරණයක් අත්‍යාවශ්‍ය බවත්, එම ආර්ථිකයට ජනතාව සම්බන්ධ විය යුතු බවත්, තුන්වැන්න ලෙස ආර්ථික ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාව වෙත ගලා යා යුතු බවත් සඳහන් කළා..

වෙළඳපොල නියාමනයටද කටයුතු කළ යුතු බව පැවසූ ජනපතිවරයා පාර්ලිමේන්තුව හරහා ගොඩනඟන අධිකාරින් සහ නීති හරහා යම් ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකළ යුතු බවද ඔහු සඳහන් කළා..

එමෙන්ම බලශක්ති වෙළඳපොල නිදහස් තරගය විසින්ම තීරණය නොවිය යුතු බවත්, ආර්ථිකයේ ඉතා සවේදී ස්ථානයක් බලශක්ති වෙළඳපොල හැසිරවීමේදී රජයේද නියෝජනයක අවශ්‍යතාවයක් පවතින බව ජනපතිවරයා සඳහන් කළා..

ඒ ආකාරයෙන්ම මූල්‍ය වෙළඳපොල සඳහාද රාජ්‍ය මැඳිහත්වීම සිදුවිය යුතු බවට ස්ථාවරයක සිටින බවද ඔහු සඳහන් කළා..

එමෙන්ම, යළි සමූපකාර ජාලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කළා..

තවද, සංචාරක කර්මාන්තය සඳහාද සැළස්මක් ඇති බවත් සංචාරකයින් මිලියන 04ක් ඔස්සේ ඩොලර් බිලියන 08ක ඉලක්කයක් සපුරා ගැනීමට වසර 03ක් හෝ 04ක කාලයක් තුල රජයේ තවත් එක් ප්‍රතිපත්තියක් බවද ඔහු සඳහන් කළා..

එමෙන්ම, රාජාසන කථාව ඔස්සේ ජනපතිවරයා සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද වෘත්තියවේදීන්ගේ අවශ්‍යතාවයක් පවතින බවත්, 85,000ක්ව පවතින මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන් වසර පහක් තුල ලක්ෂ 02ක අගයකට ගෙන ඒමටද කටයුතු කරන බවයි..

එමෙන්ම එම ක්ෂේත්‍රයෙන් දැනට පවතින ඩොලර් බිලියන 1.2ක පමණ පවතින ආදායම ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා..

කොළඹ වරායද කාර්‍යක්ෂමතාවයට පත් කරමින් ප්‍රබල වෙළඳ හා නාවුක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටද සැළසුම් කර ඇති බවයි ජනපති සඳහන් කළේ..

එමෙන්ම කඩා වැටී ඇති කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමන සඳහා යළි බීජ පර්යේෂණ ආයතන දියුණු කළ යුතු බවත්, ඒ අනුව මෙරට වෙළඳපොල සඳහා පමණක් නොව අපනයනය සඳහාද කෘෂි නිෂ්පාදන සඳහා අවතීරණ විය යුතු බව ඔහු සඳහන් කළා..

ඒ හේතුවෙන්, පොහොර සහනාධාරය වැඩිකළ ආකාරයටම තවත් සහන දිය යුතු අංශ තිබේනම් එම සහනද ලබා දෙන බවද ඔහු පැවසුවා..

එමෙන්ම, මෙරට ඛනිජ සම්පත්ද සඳහාද රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම සඳහා මේවනවිටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව ජනපතිවරයා සඳහන් කළා..

විද්‍යාව හා පර්යේෂණ අමාත්‍යාංශය ඔස්සේ ආර්ථිකය ඩිජිටල්කරණය තුළින් ඩොලර් බිලියන 15ක ආදායමක් උපයාගැනීම අපේක්ෂාව බව ද පැවසූ ඔහු 'ඩිජිටල් ශ්‍රී ලංකා' වැඩසටහන ක්‍රියාත්මක කිරීම තම රජයේ අපේක්ෂාව බව සඳහන් කළා..

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ද පැවසු ජනාධිපතිවරයා පුරවැසියාගේ යහපත් පරිවර්තනයකින් තොරව එකී ජයග්‍රහණය සාර්ථක කරගත නොහැකි බව ද රාජාසන කථාවේදී අනාවරණය කරනු ලැබුවා..

එමෙන්ම, ලබන වසරේ අයවැය මගින් 'අස්වැසුම' දීමනා සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව ජනපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කළා..

එමෙන්ම, පාසල් උපකරණ, පොත්පත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක්ද, ළඳරු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා දීමනාවක්ද, ගැබිනි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමටද කටයුතු කරන බව රාජාසන කථාවේදී ජනපතිවරයා සඳහන් කළා..

එමෙන්ම, කෘෂි, ධීවර වැනි ආර්ථික ප්‍රභවයන් තුලින් ජීවත් වන ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කරලීම සඳහා ඔවුන්ගේ එම ජීවිකාව සාර්ථක, ලාභදායී ප්‍රභවයන් බවට පත් කිරීම තම රජයේ පළමු ප්‍රයත්නය බවද ජනපතිවරයා සඳහන් කළ අතර, නව ආර්ථික ප්‍රභවයන්ද නිර්මාණය කළ යුතු බවත්, සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහාද කටයුතු කරන බව ඔහු සඳහන් කළා...

එමෙන්ම, ආර්ථිකය ගොඩනැංවීම සඳහා තානාපති සේවය යොදා ගැනීම තම රජයේ අපේක්ෂාව බව ඔහු පැවසූ අතර, අයවැය ඔස්සේ මෙකී වැඩපිළිවෙල සියල්ල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් දසවැනි පාර්ලිමේන්තුවේ රාජාසන කතාව හෙවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ස්වකීය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අවසන් කරමින් සඳහන් කළා...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top