මේ කියන්න යන්නේ අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය ඇතුළු අනෙකුත් තනතුරු හිමිවූ ආකාර ගැනයි..
අද පැවති පළමු සභාවාරයෙදී 10වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ආචාර්ය අසෝක සපුමල් රන්වලට හිමිවුණා..
එසේම 10වැනි පාර්ලිමේන්තුවේ අනෙකුත් තනතුරු බෙදී ගියේ මෙලෙසින්..
10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත්කර තිබෙනවා.
මොහොමඩ් රිස්වි පත්කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි විසින්...
මීට සුළු මොහොතකට පෙර 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අසෝක සපුමල් රන්වල පත්කරනු ලැබුවා...
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි...
තවද 10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය හේමාලි වීරසේකර හිමිවුණා...
හේමාලි වීරසේකර පත්කරන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ සමන්මලී ගුණසිංහ විසින්..
මීට සුළු මොහොතකට පෙර 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අසෝක සපුමල් රන්වල පත්කරනු ලැබුවා..
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි..
ආචාර්ය අසෝක සපුමල් රංවල පත්කරන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින්..
අද (21) රැස්වූ දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පත්කළ බව කථානායක ආචාර්ය අසෝක රන්වල විසින් සභාවට දැනුම්දෙනු ලැබුවා..
එමෙන්ම, ඔහු විසින් නිවේදනය කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කළ බවයි..
දසවැනි පාර්ලිමේන්තුවේ රාජාසන කථාව අද පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා..