මේ කියන්න යන්නේ ඔහුගේ ජීවිතයට අත් වුණු තවත් අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්.. මේ දුක්බර කතාව ඇසෙන්නේ අනුරාධපුර ප්රදේශයෙන්..
සුපුරුදු විදිහටම එදාත් ඔවුන් දෙදෙනා මේ ගමන යන්න ඇත්තේ දුව පාසලට දමා පසුව ඔහුගේ සුපුරුදු ගමනාන්තයට යන්න වෙන්න ඇති..
ඒත් හිතපු නැති විදිහට ඔහුගේ ජීවිතය අහිමි වෙලා.. ගෙදරට මහා ශක්තියක් වුණ ඔහුගේ මේ නික්මයාම ඔවුන්ට කොහොම නම් දැනෙනවා ඇතිද..?
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ එම පියා පෙරේදා ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා..
මෙලෙස ජීවිතයක් පත්ව ඇත්තේ ඉසුරුපුර, අනුරාධපුරහි පදිංචිව සිටි සම්පත් වඩුගේ නිරන්ජන් ඩේමියන් ද සිල්වා නමැති 56 හැවිරිදි සත්ව සංවර්ධන උපදේශකවරයෙක්..
මරණකරුගේ දියණිය වන සම්පත් වඩුගේ දැහැමි දෙව්මිණී සිල්වා නමැති 17 හැවිරිදි සිසුවිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව, නේවාසිකව ප්රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා..
පාසල් බස්රථය අනුරාධපුර නගරයේ ඔරලෝසු කණුව වටරවුම දෙස සිට අනුරාධපුර රෝහල දෙසට ගමන් කරමින් තිබියදී, මරණකරු ගමන් කළ යතුරු පැදිය එක්වරම අතුරු මාර්ගයක සිට ප්රධාන මාර්ගයට ඇතුල් කිරීමේදී අනතුර සිදුවූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ..
අනතුර සම්බන්ධයෙන් සැකපිට බස් රථයේ රියදුරා ඉකුත් 18දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 22 දා දක්වා බන්ධනාගාර ගතකළ කර තිබෙනවා...