නින්ද කියන්නෙ අපේ ජීවිතයේ අත්‍යාවශ්‍යම දෙයක්නෙ. හැබැයි නින්ද සහ මානසික සෞඛ්‍යය අතර සම්බන්ධයක් ඇති බව බොහෝදෙනා දන්නෙ නෑ.
චිත්තවේග නියාමනය කිරීම, ආතතිය කළමනාකරණය කිරීම සහ මනා සංජානන ක්‍රියාකාත්වයක් පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් නින්දක් කියන්නෙ තීරණාත්මක සාධකයක්.
නින්ද නොමැතිකම නිසා තීරණ ගැනීමේ හැකියාව, මතකය ඒකාග්ර කිරීම සහ ගැටලු විසඳීමේ කුසලතා ද අඩාල වෙනවා.
මෙය ඉක්මණින් කෝපයට පත් වීම, මනෝභාවයන් ඉක්මණින් වෙනස් වීම සහ ආතති තත්ත්වයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව අඩු වීමට හේතු විය හැකියි.
නින්ද අතරමගදී කැඩීම හෝ ප්‍රමාණවත් නින්දක් නොලැබීම මානසික රෝග තත්ත්වයන් වර්ධනය වීමට හෝ නරක අතට හැරීමට දායක වෙනවා.
එනම්, දුර්වල නින්ද මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර කරන විෂම චක්‍රයක් ලෙස කටයුතු කරනවා.
මානසික සෞඛ්‍යය වර්ධනය වීමට නම්, දිනකට පැය 6 – 8 ත් අතර කාලයක් හෝ බාධා රහිත නින්දකට වැටෙන්න.
විවේකී නිදන පරිසරයක් සාදාගන්න. ඔබේ නිදන කාමරය නිස්කලංක, අඳුරු සහ සුවපහසු උෂ්ණත්වයක ඇති බවට වග බලාගන්න.
කන් ආවරණ, ඇස් ආවරණ, හෝ සුදුසු ශබ්ද යන්ත්‍ර භාවිත කිරීම මගින් පහසුවෙන් නින්දට වැටීමේ ක්‍රම අත්හදා බලන්න.