නීතිවිරෝධි මත්පැන් බෝතලයක් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසනවා.
අනෙක් පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගෙන්යෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
පිටිගල, මත්තක ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.
පුද්ගලයන් 4 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ මෙම මත්පැන් බෝතලය පානය කර තිබෙනවා.
පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
අනතුඉරුව මත්තක, මාරක්ගොඩ පදිංචි ධර්මපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙක් සහ හැරිසන් විජේරත්න නමැති 76 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
බරපතළ තත්වයෙන් පසුවන එක් පුද්ගලයෙක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර තිබෙන අතර ඔහු 64 වියේ පසුවන අයෙක්.
මෙම මත්පැන් බෝතලය ගෙනැවින් ඇත්තේ ඔහු බවට අනාවරණය වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියට මුහුන පෑ අනෙක් පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය පරීක්ෂණ සිදුකරනවා.