ඔයා පාවිච්චි කරන්නෙ මොන පාට පර්ස් එකක් ද...
දන්නවද, සල්ලි ළඟ රැඳෙන්න මුදල් පසුම්බියේ වර්ණය සැලකිය යුතු බලපෑමක් කරනවා.
බොහෝදෙනා අතර පවතින මතය තමයි රතු හෝ කළු පාට මුදල් පසුම්බිවල ධන වාසනාව වැඩියි කියන එක.
රතුපාට කියන්නෙ හරිම බලවත් පාටක්.
චීන ජාතිකයින්ට අනුව නම් ඉතාම සුබ වර්ණයක්.
ඔවුන්ගේ මතයක් තියෙනවා ඔබ රතු පාට ඇඳුමක් අඳිනවා නම් ඉන් ඔබේ ශක්තිය වැඩි කරලා ඔබව ක්‍රියාශීලි කරනවා කියලා.
මොකද මේ රතු පාට අයිති අග්නි මූල ධාතුවට.
සාමාන්‍යයෙන් ඔවුන් අතර පවතින අදහසක් තමයි රතු පාට මල් නිවසේ හරි වැඩ බිමෙහි හරි දකුණු දිශාවට වෙන්න තැබීම මඟින් වාසනාව ළඟා වෙනවා කියලා.
ඒ වගේම තමයි රතු පාට කවරයකට හාල් ටිකක් දාලා මුළුතැන්ගෙයි තිබ්බොත් ධන වාසනාව වැඩිවෙනවා කියලා මතයක් තියෙනවා.
චීන ජාතිකයින් පිළිගන්නවා, රතු පාට සහ හාල් මිශ්‍ර වීම යහපත් ප්‍රතිඵල උදාකරන බව.
රතු පාට නියෝජනය කරන්නෙ කීර්තිය සහ සමෘද්ධිය. ඕනෑම කෙනෙක් ආකර්ෂණය වන වර්ණයකි රතු.
ඒ වගේම තමයි ආශාව, ශක්තිය වැනි දෑ රතු පාට එක්ක බැඳිලා තියෙනවා.
ඒ නිසාම පවතින විශ්වාසයක් තමයි රතු මුදල් පසුම්බියක් රැගෙන යාමෙන් වාසනාව සහ මූල්‍ය කටයුතුවල සාර්ථකත්වය අත්වෙනවා කියන කාරණය.
මීට අමතරව ස්ථාවරත්වය සහ ආරක්ෂාව නියෝජනය කරන මූල චක්‍රය සමඟ රතු ද සම්බන්ධයි.
රතු සම්බන්ධ තවත් කාරණා කීපයක්ම තියෙනවා.
ඒ තමයි එය ගිනි වර්ණයක් හැටියට සලකන නිසාම තරමක වියදම් වැඩි කරන වර්ණයක් ද වීම.
නිල් වර්ණ මුදල් පසුම්බි :
නිල් කියන්නෙ සාමය, සන්සුන් බව සහ ස්ථාවරත්වය සංකේතවත් කරන වර්ණයක්.
ඒ නිසා නිල් මුදල් පසුම්බියක් රැගෙන යාමෙන් මූල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ආකර්ෂණය කරගත හැකි බව විශ්වාස කරනවා.
කොළ වර්ණ මුදල් පසුම්බි :
කොළ පාටින් කියවෙන්නෙ ධනාත්මක බව, වර්ධනය වැනි කාරණා.
මුදල් වර්ධනය කරගැනීමේ හැකියාව මේ වර්ණයට පවතින බව විශ්වාස කරනවා.
ඒ වගේම තමයි කොළ පාට සමෘද්ධිමත් බව සංකේතවත් කරනවා.
ඉතින් මේ වගේ කාරණා නිසාම හරිත පැහැ මුදල් පසුම්බියක් රැගෙන යාම ධනය සහ සාර්ථකත්වය ආකර්ෂණය කරන්නක් වනවා.
දුඹුරු වර්ණ මුදල් පසුම්බි :
පෘථිවි මූලද්‍රව්‍ය නියෝජනය කරන පැහැයයි දුඹුරු.
ධනයේ වැඩි ස්ථාවරත්වයක් පවත්වාගෙන යාමටත් ආදායම් සහ වියදම්වල සමබරතාවය පවත්වා ගැනීමටත් දුඹුරු වර්ණිත මුදල් පසුම්බි හේතු වන බව විශ්වාස කෙරෙනවා.
කහ වර්ණ මුදල් පසුම්බි :
කහ කියන්නෙ සූර්යයාගේ වර්ණය. ඒත් එක්කම සෞභාග්‍යයේ සංකේතයක් ද වනවා.
සතුට සහ ධනය එක්කත් සම්බන්ධයි කහ පාට. මේ නිසාවෙන් කහ පැහැ පසුම්බි කියන්නෙත් මුදල් රැඳෙන වර්ණයක්.
තැඹිලි වර්ණ මුදල් පසුම්බි :
තැඹිලි වර්ණයෙන් සංකේතවත් වන්නේ උද්යෝගය, සාර්ථකත්වය සහ ධනාත්මක බව වැනි කාරණාවන්.
ඒත් එක්කම ජවසම්පන්න වර්ණයක් හැටියටත් සැලකෙනවා.
ධනය සහ සමෘද්ධිය ආකර්ෂණය කරන වර්ණයක්. ඉතින් තැඹිලි කියන්නෙත්, ධන වාසනාව කැන්දන යහපත් තේරීමක්.