මේ කියන්න යන්නේ තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාවක්.. මේ කතාව ඇසෙන්නේ ස්තැඩන් වත්ත ප්රදේශයෙන්..
ලංගම බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද (12) පස්වරුවේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ස්තැඩන් වත්ත ප්රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා...
සිදු වූ අනතුරින් වෑන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරු වැඩිදුර ප්රතිකාර සදහා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ.
හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු ලංගම බස් රථයට ප්රතිවිරුද්ධ දිශාවෙන් ගිනිගත්හේන සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයට ඉදිරියෙන් ධාවනය වු ත්රිරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටි මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ලංගම බස් රථයට සහ වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.