නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ දීමනා එම ප්‍රතිලාභීන්ට අද බැංකුවලින් ලබාගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව නොවැම්බර් මාසයේදී දිළිඳු පවුල් 1692481කට රුපියල් කෝටි 1093ක මුදලක් ලබාදීමට නියමිත බවද එම මණ්ඩලය ප්‍රකාශ කළ බව සඳහන්.
මෙම සියලු මුදල් ඊයේ වන විට බැංකු ගිණුම් ගත කර තිබෙන අතර ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් එම මුදල් අද 12 සිට ලබාගත හැකි බවද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.