මේ දිනවල පවතින කාලගුණය ඉක්මනින් වෙනස්වෙන සුළුයි.. ඒකට හේතුව මොකද්ද..? මේ කියන්න යන්නේ මේ දවස්වල පවතින කාලගුණය ගැන කතාවක්..
දිවයිනේ මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් රැසක දහවල් කාලයේ පවතින උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට යළි ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
පසුගිය දින කිහිපය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශවලට කඩින් කඩ වැසි ඇදහැලුණද උණුසුම් කාලගුණයේ අඩුවක් දක්නට ලැබුණේ නැති අතර,මෙම කාලගුණයේ වෙනස්වීම සම්බන්ධයෙන් අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදි එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ මේ දිනවල පවතින අන්තර් මෝසම් කාලපරිච්ජේදය හේතුවෙන් දහවල් කාලයේ අධික රස්නයත් රාත්‍රී හා පාන්දර කාලයේ අධික සීතල කාලගුණික තත්ත්වයක් හට ගන්නා බවයි..
කෙසේ වෙතත් මෙම තත්ත්වය වෙනස් වී එළැඹෙන 13 වැනිදායින් පසු දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවා..