ලග්ගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ පිරිසක් එම ව්‍යාපාරිකයාගේ නිවසේ තිබූ රුපියල් කෝටි 3ක් පමණ වටිනා මැණිකක් කොල්ල කා පලාගොස් තිබෙනවා...
තවත් රුපියල් කෝටි 4ක් පමණ වටිනා ස්වර්ණාභරණ හා මුදල් ද ඔවුන් සොරකම් කර ඇති අතර අදාළ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය ද පැහැරගෙන ගොස් තිබුණා...
ලග්ගල දේවාලදෙනිය ප්‍රදේශයේ පදිංචි සුසන්ත රෝහණ නමැති කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුහණු ආවරණ කරගත් පුද්ගලයින් පස් දෙනෙක් ඇතුළු වී තිබුණේ ඉකුත් 10 වැනිදා රාත්‍රියේයි...
සැකකරුවන් පිස්තෝලයක් පෙන්වමින් ව්‍යාපාරිකයා බියගන්වා ඔහුගේ දෑත් හා දෙපා සෙලෝටේප්වලින් අලවා ඇති අතර ඔහුගේ බිරිඳගේ හා පියාගේ දෑත් හා දෙපා ගැටගසා තිබෙනවා...
පසුව නිවසේ තිබූ කෝටි 7ක් පමණ වටිනා මැණික්, ස්වර්ණාභරණ, මුදල් හා ජංගම දුරකතන කොල්ලකා ඇති අතර ඒ අතර කෝටි තුනක් පමණ වටිනා මැණික් ගලක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ පසුව ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම සැකකරුවන් පිරිස පලාගොස් ඇති අතර පැහැරගෙන ගිය එම මෝටර් රථය ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ඊයේ සොයා ගැණුනා...
මංකොල්ලකරුවන් ගමන් ගත් මාර්ගය දඹුල්ල පොලිසිය විසින් ඊයේ දින පරීක්ෂාවට ලක් කළ අතර කොල්ලයට පැමිණි සැකකරුවන් දමා ගිය බවට සැක කරන පාවහන් යුගලයක් ද මාර්ගයේ තිබී සොයා ගෙන තිබුණා..
ඒ අනුව දඹුල්ල පොලිසියට අයත් නිල පොලිස් සුනඛ අංශයේ "ගියෝ" නැමති පොලිස් නිල සුනඛයා මාර්ගයෙන් අදාළ පාවහන් යුගල ඔස්සේ , පරීක්ෂා කිරීම් ආරම්භ වුණා..
නිවස ආසන්නයේ සිට මද දුරකින් පිහිටි ස්ථානයකට ගියෝ සුනඛයා පැමිණි අතර ඇතැම්විට සැකකරුවන් එම ස්ථානයේ නැවතී සිටින්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා...
මේ අතර නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ දත්ත ද අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති අතර දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා..